හෙට පැවැත්වෙන මධ්‍ය උද්ඝෝෂණයට පහර දීමේ උත්සහයක් ?

( 24-01-2011 | lankaguardian.com) වරින් වර ජනමාධ්‍ය වාර්තා නමින් බේගල් අත හැරීම පුරුද්දක් කරගෙන සිටින දිනමිණ පුවත් පතෙහි එක්තර ලේඛිකාවක අද තවත් අපුරු කතාවක් ගොතා තිබේ. එම ලිපිය මේ සමග අමුණා ඇත.

මේ කතාවේ එක කරුණක් හෝ ඔප්පු කිරීමට අදාළ පුවත්පතට හැකිද හැකිද? එහි කියන එක කරුණක් සැවොම බියපත් කරයි. එනම් ආරක්ෂක හමුදා විසින් හෙට පැවැත්වෙන ජනමාධ්‍ය උද්ඝෝෂණයට ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවයි. අදාළ පුවත්පතට දැන් අවශ්‍යවඇත්තේ ජනමාධ්‍යවේදීන්ගේ ලේ සුවද බැලීමට ද?