ඉරානයේ තවත් නියෂ්ඨික විද්වතෙකු ඝාතනය කෙරේ

න්‍යෂ්ඨික ශක්තිය පිළිබඳව මහාචාර්ය වරයෙකු කර බෝම්බ ප්‍රහාරකින් මරණයට පත් වූ බව ඉරාන මාධ්‍ය මීට ස්වල්ප වෙලාවකට ප්‍රථම නිවේදනය කළේය. මොස්තාප අහමදි රොෂාන් ලෙස මිය ගිය අය හදුනා ගෙන ඇත. 

පසුගිය වසරකට අධික කාලයක් තුල මේ ආකාරයෙන් නියෂ්ඨික ශක්තිය පිළිබඳව විසේෂඥයින් මරා දැමුණු තවත් එක් අවස්තාවක් ලෙස මෙය වාර්තා කොට ඇත. විශේෂයෙන් පසුගිය කාලය පුරාම මේ ආකාරයෙන් විද්‍යාඥයින් ඝාතනය කිරීම ඊශ්‍රායෙල් බුද්ධි අංශය විසින් සිදු කරන බවට සැක කෙරේ.