ස්පාඤ්ඤය : ලක්ෂ හයක් දුම් බීම අත්හරිති

| කිෂානි වැලිවිටිගොඩ

පසුගිය වසරේ ( 2011 ) දී හඳුන්වා දුන් නව නීති හේතුවෙන් ස්පාඤ්ඤ ජාතිකයන් ලක්ෂ හයක් පමණ දුම් බීමෙන් ඉවත් වී ඇති බව එරට මාධ්‍ය අද වාර්තා කරනු ලැබීය.

ආණ්ඩුව විසින් පසුගිය වසරේ හදුන්වා දුන් දුම්කොළ විරෝධී නීතියට අනුව අවන් හල් සහ භෝජනාගාර වලද දුම් බීම නිතී විරෝධී කටයුත්තකි.

එරට ජාතික දුම්කොළ නිවාරණ කමුටුවට අනුව ප්‍රධාන දුම්කොළ නිෂ්පාදන කර්මාන්තශාලාවේ වාර්ෂික නිෂ්පාදන අලෙවිය 17% කින් පහත වැටී ඇති අතර ඒ අනුව ලක්ෂ හයක් දුම්කොළ භාවිතය ඇත හැර ඇත.

ස්පාඤ්ඤයේ දුම්වැටි භාවිතය හේතුවෙන් වාර්ෂිකව මරණ 53,000 ක් වාර්තා වන අතර ඒ හේතුවෙන් දුම් වැටි නොබොන නමුත් බොන්නන්ගේ දුම අග්රහණය වීම හේතුවෙන් 3200 ක් පමණ ගොදුරු බවට පත් වේ . රටක ජනගහනයෙන් 28 % දුම් බොන්නන් වන්නේ නම ඒ හේතුවෙන් දිනපතා මිය යන සංඛ්‍යාව 153 කි.