සැකකරුවන්ගෙන් සල්ලි හොරකම් කිරමට තරම් පොලිසිය නීච වී ඇත.


හර්ෂි සි. පෙරේරා

මෙසේ තම බාරයේ සිටින සැකකරුවකුගේ බැංකු ගිණුමෙන් මුදල් සොරාගෙන ඇත්තේ මත්ද්රවිය නාශක අංශයේ පොලිස් නිලදාරියෙකි. සුජිත් කුමාර නම් සැකකරුගේ නීතිඥයා මේ ගැන අදිකරණයට වාර්තා කිරීමෙන් පසුව කොලබ මහේස්ත්‍රාත් අදිකරණය මේ ගැන පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉරිපත් කරන ලෙස පොලිස්පතිට නියෝග කර ඇත. මෙම පොලිස් නිලදාරියා සැකකරුට බලපෑම් කර පුද්ගලික හැදුනුම් අංකය නැතිනම් පින් නම්බරය සැකකරුගෙන් ලබා ගෙන තිබේ. මෙසේ රුපියල් 20 000 ක මුදලක් ගත් බව බැංකු ලියවිලි වල සටහන් ව ඇති අතර පොලිස් නිලදාරියා මුදල් ගන්නා ආකාරය බැංකුවේ ආරක්ෂක කැමරා වල සටහන්ව ඇත.