සිරියාව : බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු කිරීමට විශාල පිරිසක්



l කිෂානි වැලිවිටිගොඩ

සිකුරාදා (06) දින මධ්‍ය දැමස්කස් නගරයේදී පොලිස් බස් රථයක් ඉලක්ක කර ගනිමින් එල්ල වුනු බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුනු අතර තවත් පුද්ගලයන් 60 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් පුවත් එජෙන්සි සඳහන් කරයි. එම සිදු වීමෙන් මිය ගිය 26 දෙනා වෙනුවෙන් අවසන් කටයුතු අද (07) දින සිරියානු අග නුවර පිහිටි මුස්ලිම් පල්ලියක් වන අල් හසාන් පල්ලියේ සංවිධානය කර තිබුණු අතර එම අවමගුල් උත්සවයට දහසකට අධික විශාල ජනකායක් සහභාගී වූ බව වාර්තා වේ. 
සිරියානු අගනුවරට සති දෙකක් ඇතුලතදී එල්ල වුනු දෙවන ත්‍රස්තවාදී ප්‍රහාරය මෙය වේ. සිරියානු වැසියන් මෙසේ අර්බුධකාරී තත්වයකට පත් වී සිටින්නේ පසු ගිය වර්ෂයේ මාර්තු මාසයේ මැද භාගයේ සිටය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පසු ගිය මාස නවය තුළ සිරියාවේ පුද්ගලයන් 5000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.