මිලානෝ ලංකාරාමයේ ධම්මික හිමිඉතාලියට මිනිසුන් ගෙන ඒමේ හොර ජාවාරමේ

| මිලානෝ වාර්ථා කරු විසිනි

ලංකාරාමයේ දායක සභාවට හොරෙන් තවත් ඉහළ නිළධාරින් තිදෙනෙකුගේ සහය ඇතිව, විහාරස්ථානයේ ඉතාලි රජයේ ලියාපදිංචි ලිපි ලේඛන උපයෝගී කරගෙන ඉතාලියට පුද්ගලයින් පස් දෙනෙකු ( එක් කාන්තාවක්) ගෙන ඒමේ හොර ජාවාරමක තොරතුරු ප්‍රබල සාක්ෂි සහිතව අප වෙත ලැබී ඇත. එය බුදු හිමිගේ අත්සන හොරට ගැසීම වැනි නීච ක්‍රියාවකි. මෙම ලිපිය මාධ්‍යය ඉදිරිපත් කිරීමකදී පිටපත් ලබා ගන්නා අයකුට මිලානෝ ලංකාරාම විහාරස්ථානයට සීල් තබා වාසා දැමීම දක්වා නීතිමය ක්‍රියාමාර්ග වලට එලඹිය හැකි තරම් ප්‍රබල සාධක එම ලිපියතුල ගැබ් වී ඇත. වගකිව යුත්තන් ගේ අවදානය පිණිසයි-

ඔලබොඩුවෙ ධම්මික හිමිට අභියෝග කර සිටින්නේ තීරණ දෙකෙන් එකක් ගැනීමටයි

1. ඉතාලි නීතියානුකූලව සිරගෙයද?

2. සියලූම සට කපටිකම් කර ලංකාවේ සාදාගත් අසපුවද?

ඔලබොඩුවෙ ධම්මික හිමිගේ ලංකාවේ නවීන සුඛෝපභෝගී වාහනය
ඔලබොඩුවෙ ධම්මික හිමිගේ ලංකාවේ නවීන සුඛෝපභෝගී වාහනය

දෙකෙන් එකක වැඩ වාසය කිරීමට තවම අවස්ථාව ලබා දීමට මිලානෝ ලංකාරාමයට ආදරය කරන සහ රැක ගැනීමට ක්‍රියාකරන සදැහැවත් බුදුදහම ආරක්ෂා කරණ නිසල අප බලා සිටිමු. තීරණය ඔලබොඩුවේ ධම්මික හිමි සතුය.අභියෝගය සැදැහැවත් දායක අප සතුය.

ඉතාලියේ ශ්‍රී ලාංකිකයින්ගේ බුදු දහමට හා සංඝයා වහන්සේලාට ඇති ගෞරවයට මුවා වෙමින් ධනය, නිලය හා බලය ලබා ගැනීම හා රැකගැනීම වෙනුවෙන් ඕනෑම කූට ප්‍රයෝගයක්, පාප කර්මයක් කිරීමට සැදී පැහැදී සිටින ඒ හිමියන් මෙසේ විනාශ කොට දමන්නේ සමස්ථ භික්ෂු සංහතියටම ඇති ගෞරවය හා භක්තියයි.

සාමාන්‍යයෙන් ඉතාලියට පුද්ගලයෙක් රැගෙන ඒම සඳහා රුපියල් ලකෂ පහලොවක (රු. 15,00,000 ) ට අධික ප්‍රමාණයක් අය කරන අතර මෙසේ මොවුන් උපයා ගත් මුදල කොතෙක්වනු ඇත්ද?

ඉතාලි රජයෙන් පවා දඩුවම් ලැබිය හැකි නීති විරෝධී මෙම , හොර ගේම , පිළිබඳව මීට වඩා තොරතුරු ප්‍රසිද්ධ නොකරන්නේ ශ්‍රී ලංකාවේ කිර්ති නාමයට හා ලංකාරාම බෞද්ධ සංගමයට තානාපති අංශවලින් ප්‍රශ්න ඇතිවීම වලක්වනු පිණිසය.

එහෙත් මිලානෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ උරුමයක් වන මිලානෝ ලංකාරමය කපටි චීවරධාරියෙකුගෙන් බේරාගැනීම අප සැමගේ යුතුකමක් නොවන්නේද?

මතු සම්බන්ධයි......

Related articles:-  letter from a reader