2012: මකරාට හිමි වර්ෂයයි


l කිෂානි වැලිවිටිගොඩ

චීන ජෝතිෂ්‍ය ක්‍රමයට අනුව 2012 වර්ෂය අයත් වන්නේ මකරාටය. 2012 ජනවාරි 23 වෙනිදා දින ආරම්භ වන මකර වර්ෂය අවසන් වන්නේ 2013 පෙබරවාරි 9 වෙනි දිනය. සතුන්ගේ රාශි 12 කින් සමන්විත වන චීන ජෝතිෂ්‍ය විද්‍යාවේ මකරාට හිමි වන්නේ පස් වන ස්ථානයයි. මකරා පුරාවුර්ත නිර්මාණයේ සංඛේතයක් ලෙසද හඳුන්වයි. පුරාතන චීනයේ දිව්‍යමය මකරා නියෝජනය කරන්නේ අධිරාජයා සහ බලයයි. එහෙත් වර්තමානයේදී මකරාගෙන් නියෝජනය වන්නේ සන්තුෂ්ටිය සහ සාර්ථක භාවයයි. 

 සංග් රාජ වංශයේ ( චීන අධිරාජ්‍ය පාලන අවධියේදී ක්‍රි. ව. 960 - 1279) මකරාව විස්තර කර තිබෙන්නේ ගවයෙකුගේ හිසකින්ද, කොටලුවකුගේ හෝම්බකින් ද, කුනිස්සේකුගේ ඇස් වලින්ද, මුවෙකුගේ අඟකින්ද සර්පයෙකුගේ ශරීරය වැනි ශරීරයකින් සමන්විත වූ මාළුන්ගේ කොරළ වලින් ආවරණය වූ ජන ප්‍රවාද වල සඳහන් වන ගිනි ගෙන දැවෙන අසාමාන්‍ය පක්ෂියෙකුගේ පාද වලින් සමන්විත වන සත්වයෙක් ලෙසටය. මකරෙකුගේ ගමන් විලාශය සමාන කර තිබෙන්නේ විදුලි කෙටිම සහ සුළි සුළං වලටය. මකරා සතු සියලු බලය පිළිබඳව අනාවැකි ඉදිරිපත් කොට නැත.

නව අදහස් වලින් යුක්ත වීම, උත්සහවන්තකම , ස්වයං ප්‍රත්‍යක්ෂ, එඩිතර බව, අතිශය උද්යෝගී බව, අහංකාර සහ ඉතා ඉක්මනින් කෝප වීම වැනි ලක්ෂණයන් මකර වර්ෂයේ උපත ලබන පුද්ගලයන් සතු වන බවට චීන ජාතිකයින් විසින් විශ්වාස කෙරේ.