ඇමෙරිකාව : "පාවහන් රහිත මංකොල්ලකරුවා"ට මාස 78 ක සිර දඬුවම්


l කිෂානි වැලිවිටිගොඩ

සියැටල් අධිකරණය විසින් ඊයේ (28) "පාවහන් රහිත මංකොල්ලකරුවා"නමින් හදුන්වන පුද්ගලයෙක් හට අවුරුදු 6 ක් සහ මාස 6 ක සිර දඬුවම් නියම කළ බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. ඔහුට මෙසේ සිරදඬුවම් නියම කර ඇත්තේ එම පුද්ගලයා අවුරුදු 2 ක් ඇතුලතදී ඇමෙරිකාව සහ කැනඩාව යන රට වලදී සිදු කළ දරුණු සාපරාධි ක්‍රියා 7 කට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අධිකරණයේදී වරදකරු බවට පත් වූ නිසාය.


20 හැවිරිදි වියේ පසු වන කෝල්ටෝන් හැරිස් මූර් වන මොහු උසස් අධ්‍යාපනය කටයුතු අඩාල කරගෙන ස්වයං අධ්‍යනයෙන් ගුවන් නියමුවෙක් වී තිබෙන අතර මොහුව හඳුන්වනු ලබන්නේ පාවහන් රහිත මංකොල්ලකරුවා ලෙසය. ඇමෙරිකාව සහ කැනඩාව යන රට වල ප්‍රදේශ 9 කදී මොහු විසින් මෝටර් රථ පමණක් නොව බෝට්ටු සහ ගුවන් යානා මංකොල්ල කෑම් සිදු කර තිබේ. 2010 වර්ෂයේ ජුලි මාසයේදී මොහුව බහාමාස් වලදී අත් අඩංගුවට ගෙන තිබේ.

අධිකරණය විසින් සිර දඬුවම් නියම කිරීමෙන් පසු ඔහු විසින් සිදු කළ අපරාධ වලට සමාව ඉල්ලු බවද වාර්තා වේ.