ඉන්දියාව : තේන් සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළට


l කිෂානි වැලිවිටිගොඩ

දකුණු ඉන්දියාවට බලපෑ තේන් සුළි කුණාටුවත් සමග ඇති වූ අධික වැසි සහ සුළං තත්වය නිසා මිය ගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති බව තමිල්නාඩුවේ මහා ඇමතිනි ජේ. ජයලලිතා ප්‍රකාශයක් කර ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. 


පැයට කිලෝ මීටර් 140 ක වේගයකින් සුළං හමා ගොස් ඇති අතර දකුණු ඉන්දියානු වෙරළ තීරය ආශ්‍රිතව පිහිට තිබු නිවාස 100 කට වඩා වැඩි ප්‍රමාණයකට හානි සිදු වී තිබේ. දකුණු ඉන්දියාවේ අග නගරය චෙන්නායි හි සිට කිලෝ මීටර් 170 ක් දුරින් පිහිටි කුද්දලෝර් දිස්ත්‍රික්කයට සුළි කුණාටුව දැඩි ලෙස බලපෑ අතර තමිල්නාඩුවේ මිය ගිය පුද්ගල සංඛ්‍යාව 26 ක් බවට විශ්වාස කෙරේ. මේ අතර ධීවර බෝට්ටු 70 කට පමණ අලාභ හානි සිදු වී තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් නවතා දමා තිබු දුම්රිය ගමන් සහ ගුවන් ගමන් කාලගුණය යහපත් තත්වයට පත් වෙමින් තිබෙන බැවින් ඊයේ (31) සිට නැවතත් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ.