ජපානය : රික්ටර් මාපාංක 7.0ක තවත් භූමිකම්පාවක්


l කිෂානි වැලිවිටිගොඩ 

ඊයේ(31) රික්ටර් මාපාංක 7.0 සටහන් කරමින් ජපානයේ ටෝකියෝ නුවරට දකුණු දිශාවෙන් කිලෝ මීටර 600 ක් පමණ දුරින් සහ පැසිෆික් සාගරයේ පිහිටි ඉසු දුපත අතර ප්‍රදේශයෙන් භූමිකම්පාවක් සිදු වී තිබෙන බවට වාර්තා වේ. එරට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරන අන්දමට මෙම භූමිකම්පාවේ අපි කේන්ද්‍රය වී තිබෙන්නේ කිලෝ මීටර 370 ක් සාගරය තුලටය.


කෙසේ වෙතත් එම භූමිකම්පාව නිසා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කොට නැත. මෙම භූමිකම්පාව ඇති වන අවස්ථාවේ ටෝකියෝ නුවර පිහිටි ගොඩනැගිලි කම්පනයට පත් වී තිබෙන නමුත් කිසිම ආකාරයේ අලාභ හානියක් හෝ තුවාල සිදු වීම් පිලිබඳ වාර්තා වී නැත. ජපානයේ ක්‍රියාත්මක වන දුම්රිය ගමන් මේ වන විට තාවකාලිකව අවලංගු කර තිබෙන අතර ආරක්ෂාකාරී බව තහවුරු වූ විගසම නැවතත් දුම්රිය ගමන් ඇරඹීමට නියමිතය.

ජපානය භූමිකම්පා සුලබව සිදු වන රටක් වන අතර ලෝකයේ රටවල් අතුරින් භූ චලනවලට ක්‍රියාකාරී ප්‍රදේශයක පිහිටා තිබෙන රටකි.