අපේ ලලිත් අපේ කුගන් අපට දෙන්න.

| හර්ෂි සි. පෙරේරා

සිය ක්‍රියාදරයින් දෙදෙනෙකු වූ ලලිත්, කුගන් නිදහස් කරන්නයි අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ජන අරගල වියාපාරය අත් පත්‍රිකා බෙදාහරිමින් උද්ගෝෂණය කළහ.

මොන අරගල වියාපාරයට සම්බන්ද විසිටියත් මොවුන් දෙදෙනා මේ රටේ පුරවැසියන්ය. ඔවුන්ට ජීවත්වීමට අයිතිය ඇත. ආණ්ඩුවකට එම අයිතිය කුමන හේතුවක් මතවත් පැහැර ගත නොහැක. වැරදි කරන්නන්ට දඩුවම් දීම රටේ නීතියේ කාර්යබාරය වන අතර එය ආණ්ඩුවකට පවරා ගත නොහැක.

අප සියලු දෙනා මෙම පුරවැසියන් දෙදෙනා වෙනුවෙන් හඩක් නැගිය යුතුය. මක්නිසාද හෙට දවසේ ඔවුන්ට එරෙහිව එසවූ හස්තයේ ගොදුර අප වියහැකි බැවිනි.