දීපාලිගේ ආරක්ෂාවට අකුණු සන්නායකයක්

Exclusive


ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ඉහල තනතුරු දරන අය සහභාගී වන "ෆූට් ලයිෆ් "නම් රාත්‍රී භෝජන සංග්‍රහය පසු ගියදා කොල්ලුපිටිය හෝටලයක පැවති අතර මෙහිදී ඕනෑම විනිසුරුවරයෙකුට තරා තිරම නොබලා අල්ලාප සල්ලාපයේ යේදීමට හැකියාව තිබේ. අදාළ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ අග විනිසුරු දීපාලි විජේසුන්දර සුදු කොඩි නඩු තීන්දුවෙන් පසු තමන්ට මරණ තර්ජන ඇති බවත් එබැවින් දැනට අමතර හමුදා ආරක්ෂාව ලබා ඇති බව ප්‍රකාශ කළාය. එවිට ඇගේ කතාවට සවන් දුන් සියලු දෙනාම පාහේ සිනා වෙමින් කියා සිටියේ දීපාලිට ප්‍රමාණවත් ආරක්ෂාව ඕනෑවටත් වඩා ඇති බවත් ඇය විසින් සිදු කල යුතුව ඇත්තේ තම ශරීරයට අකුණු සන්නායකයක් සවි කර ගැනීම බවත්ය. එනම් සුදු කොඩි නඩුවෙන් පසු බොහොමයක් සාමාන්‍ය ජනතාව පවා අග විනිසුරු දීපාලිට හෙන වැදිය යුතු බව ප්‍රකාශ කිරිමය.

එසේම එහිදී ඉදිරිපත් වූ මුලික අදහසක් වුයේ ලංකාවේ විනිසුරුවන් තම නිලයේ උසස් වීම් බලාපොරොත්තුවෙන් සිටි නම් චූදිතයින්ට දඬුවම් දෙනා බවත් විශ්‍රාම යාමට බලාපොරොත්තුවෙන් සිටින්නේනම් චූදිතයින්ට සමාව දෙන බවත්ය.

අදාළ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඇති වූ කතා බහක් දුර දිග යාමෙන් ලැබීම නිවුස් පුවත් පතේ ප්‍රධාන කතෘ නීතින්‍ය රාජ් පාල් මහතාට පහර දීමක් ද සිදු වී ඇත.