ආජන්ටිනාවේ ජනාධිපතිනියට පිළිකාවක්

l කිෂානි වැලිවිටිගොඩ 

ආජන්ටිනාවේ ජනාධිපතිනිය වන ක්‍රිස්ටිනා ෆර්ඩිනන්ඩ්ස් හට පිළිකාවක් වැළඳී ඇති බවට තොරතුරු විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. ඇයගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව හට ගෙන තිබෙන අතර ඒ සඳහා ලබන ජනවාරි 4 වන දින සැත්කමක් සිදු කිරීමට නියමිත බව ඇයගේ මාධ්‍ය ප්‍රකාශක ඈල්ෆ්රිදෝ සඳහන් කළේය. වැඩි දුරටත් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඇයගේ පිළිකා සයිල ශරීරයේ අනෙකුත් අවයව වෙත පැතිර නොගොස් ඇති බවයි. 


සැත්කමෙන් පසුව ජනාධිපතිනියට සුවය ලැබීම සඳහා දින 20 නිවාඩු ගනු ඇති බවත් එම කාලවකවානුව තුලදී වැඩ බැලීම සඳහා උප ජනාධිපති වන අමදෝ පත් කිරීමට නියමිතය. 58 හැවිරිදි වියේ පසුවන ෆර්ඩිනන්ඩ්ස් දෙවන වරට ජනාධිපති ධුරයට පත් වුයේ පසු ගිය ඔක්තෝම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ බැවිනි. පිළිකාවකින් පීඩා විඳින එකම ලතින් ඇමෙරිකානු නායිකාව ඇය නොවන අතර වෙනිසිඋලාවේ ජනාධිපති හියුගෝ චාවේස් සහ පැරගුවේ ජනාධිපති ෆර්නැන්ඩෝ ද පිළිකා රෝගයෙන් පිඩා විඳ තිබේ.