ඊශ්‍රායලය: ලිංගික අපයෝජන චෝදනා වලට වැරදි කරු වූ ජනපති තම සිර ජීවිතය අරඹයි


දුෂණ සහ අනෙකුත් ලිංගික වද හිංසා වලට වැරදි කරු වූ ඊශ්‍රායලයේ හිටපු ජනාධිපතිවරයකු වන මෝසේ කට්සාව් අද දින සිට තමන්ගේ වසර හතක සිරදඬුවම ලැබීම සඳහා බන්ධාගාර ගත කරනු ලැබීය. මධ්‍යම ඊශ්‍රායලයේ පිහිටි මාසියහු සිර මැදිරියට එසේ ඔහු පැමිණි අතර එහි මේ වන විටත් මහජන මුදල් මංකොල්ල කෑමේ වරදට වැරදිකරුවන් වූ හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුද සිර දඬුවම් ලබති.

කෙසේ වෙතත් බන්ධනාගාර ගත වීමට ස්වල්ප වෙලාවකට පෙර ජනාධිපතිවරයා කියා සිටියේ කිසිම සාක්ෂියක් නොමැතිව බලධාරීන් අහිංසක මිනිසෙකු මරා දැමීමට උත්සහ කරන බවයි. නමුත් සත්‍ය කවදා හෝ මම ඇතුව හෝ නැතුව ඔබලාට අත්විඳීමට ලැබේවි යයි හෙතම වැඩි දුරටත් සඳහන් කළේය.