ඉතියෝපියාව: ස්වීඩන් ජාතික මාධ්‍යවේදීන් දෙදෙනෙකුට වසර 11 ක සිර දඬුවම්


l කිෂානි වැලිවිටිගොඩ 

ජොහෑන් පර්සන් සහ මාර්ටින් ශිබ්බ්යේ 

ත්‍රස්තවාදයට සහය දැක්වීම සහ අප්‍රිකාවට අනවසරෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ස්වීඩන් ජාතික මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඉතියෝපියාවේ අධිකරණය මගින් වසර 11 ක සිර දඬුවම් නියම කරන ලදී. වාර්තාකරුවකු වන මාර්ටින් ශිබ්බ්යේ සහ ඡයාරුප ශිල්පියෙකු වන ජොහෑන් පර්සන් අත් අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජුලි මාසයේදී සෝමාලියාවේ සිට නැගෙනහිර පළාතේ ඕගාඩෙන් ප්‍රදේශයට ඇතුළු වීමෙන් පසුවය.

එසේම මෙම මාධ්‍යවේදීන් දෙදෙනා ත්‍රස්තවාදයට සහාය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අතර ප්‍රහාර එල්ල කිරීමට දායක වූ බවට කිසිම සාක්ෂියක් ලැබී නැති බැවින් නොවැම්බර් මාසයේදී අධිකරණය විසින් මොවුන් දෙදෙනාව එම චෝදනාවෙන් නිදහස් කරන ලදී. එහෙත් මොවුන් දෙදෙනා අනවසරයෙන් දේශ සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් වැරදි කරුවන් බවට පත් විය. මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට වසර 11 ක සිර දඬුවම් ලබා දීම සුදුසු දඬුවමක් ලෙස තමන් විසින් පිළි ගන්නා බවට විනිසුරු ශේම්සු සිර්ගගා අධිකරණය වෙත අදහස් ප්‍රකාශ කර තිබේ.