දෙවන ලෝක යුද්දයේ බෝම්බ ජර්මානුවන් බිය වද්දයි.


l කිෂානි වැලිවිටිගොඩ 

දෙවන ලෝක යුද්දය පැවති අවධියට අයත් බෝම්බ සොයාගැනීමෙන් පසුව බටහිර ජර්මනියේ කොබ්ලෙන්ස් නුවර ජීවත් වන පුද්ගලයන් 45,000 ක් එම ප්‍රදේශයෙන් ඉවත් කරනු ලැබූ බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව විසින් අත පසුවිමකින් රයින් නදියට හෙලන ලද ටොන් 1.8 ක බෝම්බයක් වියලි කාලගුණය දිගටම පැවතීම හේතුවෙන් රයින් නදියේ ජල මට්ටම අඩු වීම හේතුවෙන් ඊයේ (03)උඩට මතු වී තිබේ. බොහෝ වැසියන් ජීවත් වන්නේ බෝම්බය තිබෙන ප්‍රදේශයට කිලෝ මීටර් 2 ක් පමණ ඈතින් වන අතර නිෂ්ක්‍රිය අංශයේ නිලධාරින් විසින් එම බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට උත්සහ දරන නිසා සියලු වැසියන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට නියෝග කර තිබේ.

බෝම්බය තිබෙන ප්‍රදේශයේ සිය ගණනක් වන වැලි උර අතුරා තිබෙන අතර දැනට එම නදියේ පවතින වතුර පොම්ප කිරීම මගින් ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ. මෙම බෝම්බය දෙවන ලෝක යුද්දයෙන් පසු සොයා ගත් එම අවධියට අයත් ඇති විශාලතම බෝම්බයක් ලෙස වාර්තා වේ.

ප්‍රදේශයෙන් ඉවත් වුවන්ට වෙනත් ප්‍රදේශ වල පාසල් තුල ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඔවුන්ට තාවකාලිකව රැඳී සිටිඅමට කටයුතු පිළියෙළ කර තිබෙන අතර
නගරයේ බලධාරින් විසින් ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂාකාරී අයුරින් සිටීමට දැනුවත් කරන අත්පත්‍රිකා බෙදා හරින බවට වාර්තා වේ.

කොබ්ලෙන්ස් නුවර වෙත දිවෙන සියලුම මහා මාර්ග සහ රේල් පාරවල් ඉරිදා(04) දිනයේ වසා ඇත.