ඉක්බිති...අධිවේගය, ඕනෑම දෙයකට තෛලය විය

| ක්‍රිශාන් රාජපක‍ෂ

මේ නිශ්චිත මොහොතට අනුව ශ්‍රී ලංකාව ලොවට එක එක මාදිළියේ න්‍යායන් ඉදිරිපත් කරයි. මෙය එක් අතකින් බලන්න් ඉන්න ලස්සන වැඩකි. නමුත් බලාහිඳ එයින් සොමි ගැන්නාවාට වඩා මේවා බලාහිඳ තමන්ගේම අතින් තමන්ගේ බඩ කපාගත යුතු යුගයකි. ඒ මන්ද යත් මේ මොහොත වන විට භූමියේ පවතින අර්බදු වලට රාජපක්ෂ බලඅධිකාරිය හා සම්බන්ධ විවිධ පුද්ගලයන් විසින් විවිධ උපක්‍රම හඳුන්වාදෙයි. මා ඉහතින් එක එක මාදිලියේ සමාජ න්‍යායන් ලංකාව විසින් හඳුන්වා දෙනවා කියු වේ ඒ නිසාවෙනි. උදාහරණයක් ලෙස

රාජ්‍ය සේවකයෙක් වැඩට රාජකාරිය පැහැර හැරියේනම් ගස් බැඳීමයි
මහජන මුදලින් ඉදිකළ දෙයත් තමන්ට ඉවත් කිරීමට අවශ්‍යනම් කෙලින් තමන්ට කැමති ලෙස විනාශකර දැමිය හැක.
තමන්ට විරුද්ධ අයෙක් වේ නම් නඩු පිට නඩු දමා කාලෙකට සිරගෙදරය යෑවීම
තමන්ට හිතවත් අයෙක් වේනම්, ස්ත්‍රී දුෂණ, මිනිමැරුම් වැනි කිසිවක් අදාළ නොමැතිව ජනාධිපති සමාව ලැබීම
අනිත් සුවිශේෂීම කාරණය මිනිසුන්ව සිරකර තවත් පිරිසක් ඔවුන්ව බලා සතුට වීමට යැවීම... මේ ලෙස තවත් පිටු ගණනක් ලිවිය හැක.

ඒ සියල්ල එසේ තිබියදී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක‍ෂ අලූත්ම න්‍යායක් ලොව පසුගිය 27 වෙනිදා හඳුන්වාදෙන ලදී.ඒ අනුව ලොව කොතැනක ජාතික අර්බුධ, ස්ව්‍යං තීරණ අයිතිය පිළිබඳ අර්බුද වේනම්, ලංකාවේ ජනාධිපති ගෙන විමසුවානම් ඔහුට දෙන්නට ටක්කෙටම උත්තරයන් ඇත. ඔහුටම අනන්‍යවූ න්‍යායක් ඇත. ලොව දාර්ශණිකයන් ඉතිහාසයක් පුරා හැදෑරීම් මගින් ලොවට කීයෑ කිසිදු දර්ශණයනට ළ`ගටවත් පැමිණියෙ නොහැකි ලෙස ඔහු විසින් ඉතා පැහැදිළිව ජාතික ගැටලූ විසඳීමට තමන් සතු උපක්‍රමය ඉදිරිපත් කරයි. ඒ අනුව ජාතික ගැටලූව විසදීමට ඇති එකම මග අධීවේගී මාර්ග මාර්ග තැනීමයි.

ඔහුට අනුව පැය අටේ ගමන පැය තුනකින් නිමවේද්දී ආයේ ඔය ස්ව්‍යංතීරණ අයිතිය වැනි බරපතළ ප්‍රශ්ණ පැණනගින්නේ නැත. තවදුරටත් ඔහුගේ ප්‍රකාශයෙන් නොකියවෙන දේ කියවා ගැනීමට අපි උත්සුක වෙමු. ඔහු නොකියා කියන්නේ දමිළ ජනයාට තිබූ එකම ප්‍රශ්ණය තමන්ගේ අවශ්‍යතාවය සඳහා කොළඹට පැමිණීමට පැය 8ක් ගත වීමයි. ඒ අතින් ගත් කළ එය ඉතා සරල ප්‍රශ්ණයකි. අධිවේගී මාර්ගයක් ඉදිකිරීම මෙන් පසු වැඩේ ගොඩය. ඔහු විසින් දමිළ විමුක්ති අරගලය සන්නද්ධව විනාශ කිරීමෙන් ද පසු එවැනිම අලූත් අදහසක් ලෝකය කීය. ඒ දැන් රටේ සුළු ජාතීන් නොමැත. ඉන්නේ රටට ආදරය කරන හා රටට ආදරය නැති යන්නයි. එයද ජාතිකත්වය මැනීමට අළුත් මිමකි. ඔය සියල්ලට අනුව යාපනය කොළඹ අධිවේගී මර්ගය තැනූ පසු මෙය කොතුමතී පුරයකි. ගාල්ල කොළඹ මාර්ගය ඔස්සේ අර්ධ කේතුමතිය වී ඈති ලංකාව පූර්ණ කේතුමතිය කිරීමට යාපනය - කොළඹ අධිවේගී මාර්ගය තැනීම පමණි.

ජනාධිපතිගේ ප්‍රකාශය කෙතරම් ඉක්මනින් ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක වූනේද යත් ඔහු විසින් මේ ප්‍රකාශය කරන්නේ 27 වැනිදාය. එය කියා හෝරා කීපයක්වත් ගෙවුනේ නැත. අනුරාධපුර බන්ධනාගාරයෙන් වැඩ ඇල්ලීය. ජනාධිපති අධිවේගය තැනූ පසු ජාතික ප්‍රශ්ණ අහවරයි කියූ රටක තමන්ගේ අයිතීන් ඉල්ලා සිටි සටන්කරුවන් කවුද? ඒ අනුව අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන්ට සිතුනේ ජනාධිපති තුමා මෙසේ කියා ඇති නිසා හදිසියේ හරි මුන් වීර දිනයට සැමරුවහොත් එය තමන්ගේ ජනාධිපති තුමාට අගෞරවයක් බවයි. ඒ නිසාම දෙක පසුවී තිස්වැනි විනාඩියේදී බන්ධනාගාර නිළධාරීන් ඔවුන්ගේ දන්න න්‍යායෙන් ජාතික ප්‍රශ්ණය විසදීමට දමිළ දේශපාලන සිරකරුවන් 65ක් මිදුළට ගෙන නිරුවත් කලහ. ඉන්පසු තමිල්නාඩු දමිළ සිනමා පටයක් මෙන් තමන්ට හිතෙන ලෙස පරහ දුන්හ. අවසානයේ සිනමා පටයක කොඩියක් බිම දමා පුලූස්සන්නාක් මෙන් ඔවුන් අර සිරකරුවන්ගේ ඇඳුම් සියල්ල පුච්චා විනාශ කර දැමූහ. ඒ ඔවුන් ජනාධිපතිතුමාගේ ජාතික ගැටලූව විසදීමේ සරල ක්‍රමය තවත් සරල කරගත් අවස්ථානකි.

ඉන් අනතුරවද තවත් එවැනිම ජනාධිපතිතුමාගේ ජාතික ගැටලූව විසදීමේ අධිවේගී ක්‍රමයට ඊළ`ගට අනුගත යාපනය චූන්කාම් පොලිසියයි. එහි පොලිස් නිළධාරීන් කීපදෙනෙක් විසින් සුමනන් නැමති 28 හැවිරිදි තරුණයා දස වද දී දියො ගිල්ලවා මරා දැමීමයි. ඔවුන්ට දැන් මෙලෙස අහිංසක පුද්ගලයන් විටින් විට මරා දැමීම සහ පහර දීම ඉතාම විනෝද ජනක ක්‍රිඩාවක් වී ඇත. ජනාධිපති තුමා කියා ඇත්තේ යාපනය සහ කොළඹට ඇත්තේ පැය හතරක ප්‍රශ්ණයක් නිසා ඊට එහායින් අනම් මනම් බර පද කියනා කිසිවෙකුට ඉඩක් නැත. අධිවේගයෙන් අවශ්‍ය කියාමාර්ග ගැනේ.

උදයන් පුවත්පතේ කුගනාදන් මහතා මීට ටික දිනකට පෙර රට අතහැර තම ජීවිතය බේරාගන්න රටින් පිටතට යන්නේ මීට පෙර වතාවේදී අතක කඩා දැමූවද ඉදිරියට එන අධිවේගයට ඔහුගේ වයසත් සමගින් පොරබැඳිය නොහැකි නිසාවෙනි.

ජනාධිපතිතුමා ජාතික ගැටලූවට නියයම පිළිතුර සොයැගෙන ඇති නිසා එතැනින් එහාට කිසිම දෙයක් සෙවීමට අවශ්‍යනැති අතර සියල්ලෝ කන්න දෙයන් තිබේනම් කමින් වෙන දේ බලාසිටීම හොදය. නැතනම් උතුරේ ප්‍රශ්ණ විසඳන අධිවේගී ක්‍රම සියල්ලම දකුණටද එලෙසම අනුගමනය කිරීමට එතුමා කිසිඳු විටක පසුබට වෙන්නේ නැත. එතුමාට වතුර බිඳක් විසිවුණිද එතුමා අධිවේගීව ක්‍රියාත්මක වෙයි. කොතරම් අධිවේගීද කියතොත් විපක්ෂයේ මන්ත්‍රීවරුනට තමන්ගේ පක‍ෂයේ පිරිසක් පහර දෙන අයුර තබා ඔහුට හසුවන්නෙ නැත. ඒ සමස්ත සිද්ධියෙන්ම ජනාධිපතිවරයාට අදාළ තමන්ගේ මුහුණට වතුර වැටුනේ කොතැනිද යන්නයි. එය ඇරෙන්නට අන්කිසිවක් අදාළ නොවේ.

ලංකාවේ ඕනෑම සංකීර්ණ අර්බුදයකට, ගැටලූවකට ඉතාම සරල පිලිතුර තිබේ. එම පිළිතුර ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වේ. කෙතරම් වේගවත්ද කියතොත් එය අධිවේගීය. නමුත්.... වෙනත් පිළිතුරු තිඛෙන්නට බැරිය. ඒ කිසිවක් පිළිතුරු නොවන අතරම ඒවා අධිවේගීව විනාශ කළ යුතුය.

ඒ නිසාම ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන්නේ නිකන් නොව රාජපක්ෂ තියරියට අනුවය. ලොවේ සියලූ දර්ශණවාදයන් එයට අදාළ නැත. ඒ අනුව දැන් ලංකාව අපට මෙසේ කියවිය හැකිය.

ලංකාව යනු රන්පදක්කම් දිනන,ශරීර උත්තේජන ගන්න, ලෝක කුසලාන දිනන, ලොව අසාර්ථකම රාජ්‍යයන් අතරද ගුවන් පාලාම් සාදා තබන වාර්තා අතරද මාසකට සැරයක් රටටම පෙනෙන කුමක් හෝ රාජපක්ෂ ජෝගියක් සමගින්, තවත් විටෙක තමන්ගේ උපන්දිනයට අපිට සුබ පතනා නායකයන් සමගින්, අධිවේගී මාර්ගයේ දවස් දෙකක් පයින් බඩගා එයින් ගල්කැට ගෙනා ජනතාවක් සමගින් වූ ඉන්දියාවේ අණ්ඩ කොටසේ පිහිටා ඇති ලොව කිසිඳු න්‍යායනට හසුනොවන හරහටද දිගටද පළලටද නැති කහටගස්දිගිලියේ න්‍යායන් සම`ගින් පාලනය යන රටක් සහ පාලකයන් ට අමතර කියනා ඕනෑම දෙයක් දොහොත් මුදුන් දී පළිගන්නා ජනතාවක් සිටින රටකි.