නවසිලන්තයටත් භුමි කම්පාවක්



l කිෂානි වැලිවිටිගොඩ 

නවසීලන්තයේ වෙලින්ග්ටන් අගනුවරට සහ එරටේ දකුණු දිවයිනේ උතුරු ප්‍රදේශයට රික්ටර් මාපාංක 5.7 ක ප්‍රබලතාවයකින් යුත් භූමිකම්පාවක් සිදු වී තිබෙන බවට වාර්තා වේ. භූ චලන නිරීක්ෂණ සේවාවන් වල වාර්තා වලට අනුව මෙම සිදු වීම සිදු වී ඇත්තේ සෙනසුරාදා(03) පස්වරුවේය.

එම භූමිකම්පාවෙන් බරපතල හානි සිදු වී නැති අතර අගනුවර දියබඩ පෙදෙස් වල පිහිටි නිවෙස් වල ජනෙල් වලට හානි සිදු වී ඇති අතර ඇතැම් නිවාස වල තිබු භාණ්ඩ කම්පනය වීම නිසා විනාශ වී තිබේ.

නවසීලන්තය නිතරම භුමි චලන ඇති වීමට අවකාශය ඇති රටක් වන අතර මෙතෙක් එරටේ වාර්තා වන දරුණුතම භුමි කම්පාව සිදු වුයේ මෙම වර්ෂයේ පෙබරවාරි 22 වන දින රික්ටර් මාපාංක 6.3 ක ප්‍රබලතාවයකින් දකුණු දිවයිනේ ක්‍රිස්ට්චර්ච් හි කතිද්‍රෙල් නගරයට සිදු වූ භුමි කම්පාවයි. එම ස්වාභාවික ආපදාවෙන් පුද්ගලයන් 181 දෙනෙකු මිය ගිය අතර දහස් ගණනක නිවාස විනාශයට පත් වී තිබේ.