සංචාරක ගාතනය ;- සංචාරක "ටැන්ගොල්" අසංචාරක වෙයිද?

"තංගල්ල මැඩිල්ලේදි බ්‍රිතාන්‍ය වැසියකු ඝාතයන කැර ඇත්තේ වෙඩි තැබීමෙන් නොව තියුණු අවියකින් කැපීමෙන් වු තුවාල වලින් යැයි මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි දොස්තර එච් .කේ. කේ විජේවීර කියයි."

දේශපාලන ගැවිල්ලක් ද ඇති මෙම සිද්දියේදී කවුරු කොහොම මැරුවත් මෙය තංගල්ලේ මෑතකදී විශාල දියුණුවක් ලැබූ සංචාරක කර්මාන්තයට නම් මරු පහරක් වනු ඇත. මේ වන විට තංගල්ලෙන් සංචාරකයින් 30,000 ක් පමණ ඉවත්ව ඇති බවට ආරංචි වේ.

මේ සම්බන්දයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා අපක්ෂපාතිව යුක්තිය ඉටු නොවුනහොත් එය මුළු ශ්‍රී ලංකාවේම සංචාරක වියාපාරයට දැඩි බලපෑමක් වනු ඇත.

හර්ෂි සි. පෙරේරා