සිම්බාබ්වේ: මුගාබේ 2012 දී මැතිවරණයක් කැඳවයි




l කිෂානි වැලිවිටිගොඩ

රටේ පවතින සන්ධාන ආණ්ඩුව වෙනස් කිරීම සඳහා සිම්බාබ්වේ ජනාධිපති රොබෙට් මුගාබේ 2012 දී මහා මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළ බව වාර්තා වේ.

බුලවායෝ නගරයේ පැවැත් වූ මුගාබේගේ දේශපාලන පක්ෂය වන සානු පී . එෆ් පක්ෂයේ රැළියක දා අදාළ කාරණය ඔහු ඉදිරිපත් කළ බව වාර්තා වැඩි දුරටත් වාර්තා කරයි. සුපුරුදු පරිදි බරහිර අධිරාජ්‍යවාදයට එරෙහිව කතා කළ මුගාබේ නේටෝ සංවිධානය ත්‍රස්තවාදීන් ලෙස නම් කළ අතර ඔවුන් ලිබියාව විනාශ කළ බවට චෝදනා කළේය.

2009 දී පැවැත් වූ මැතිවරණයෙන් සන්ධාන ආණ්ඩුවකට ගිය මුගාබේ එහදී ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වූ පක්ෂය සමග සන්ධාන ගත විය,.එම පක්ෂයේ නායකයා වන මෝර්ගන් ස්වාන්ගරයි මේ වන විට එරට අගමැතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.