රුසියාව : මැතිවරණය දුෂිතයි--යළි ගණන් කරනු--දහස් ගණන් වීදි බසිති


l කිෂානි වැලිවිටිගොඩ


පසුගිය ඉරිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණය දුෂිත එකක් බවට විරෝධය පල කරමින් දහස් ගණනක් වූ රුසියානු ජාතිකයින් අද උද්ඝෝෂණයේ යෙදුනහ. අද දින පැවති උද්ඝෝෂණය සඳහා 30,000 ක පිරිසකට ආණ්ඩුවේ අනුමැතිය ලැබුණු අතර එය අද පස්වරු දෙකේ සිට සවස හය දක්වා ක්‍රෙම්ලින් හීදී අදාළ උද්ඝෝෂණය පැවති අතර ඊට 40,000 ක් සහභාගී වූ බව විපක්ෂය ප්‍රකාශ කළේය. නමුත් පොලිසිය සඳහන් කරුණු ලැබුවේ ඊට සහභාගී වූ පිරිස 25,000 ක් පමණක් බවයි.



කෙසේ වෙතටත් උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස කියා සිටියේ රටේ පවතින වත්මන් තත්වය ගැන කිසිම සතුටක් නැති බවත් එය වහාම වෙනස් කළ යුතු බවත්ය. එය කළ හැක්කේ විපක්ෂයට පමණක් බව ඊට සහභාගී වූ බොහෝ දෙනෙකු විශ්වාස කරති. එසේම ඇතමුන් පසුගිය ඉරිදා පැවති මැතිවරණයේ ප්‍රතිඵල ගැන සැහීමකට පත් නොවන බව සඳහන් කළ අතර ඡන්දය යලිත් ගණන් කළ යුතු බව සඳහන් කරනු ලැබුහ.

එරට ඇතැම් මාධ්‍ය සඳහන් කරනු ලැබුවේ අදාළ උද්ඝෝෂණය පසුගිය දශකය තුළ පවත් වූ විශාලතම රැලිය බවයි.