හත් දිනකට පසු නිදහස්ව ආ පුතුට.


පහත දැක්වෙන්නේ 2010 ශාස්ත්‍රවේදී උපාදි ප්‍රථම බාහිර පර්ක්ෂණය සදහා රසවින්දනයට දී තිබු කාව්‍යයි.


මගේ දෙවියෝ ඇවිත් ගෙදර
පත්තු වුනු ගින්දර නිවා පපු කුඩුවේ
තාත්තත් ඇවිදිනවා පුතේ මේ ටිකේ
සොයා සොයා උබ පිස්සුවෙන් වගේ

කෝ බලන්න ඔය මුණ
ගෙඩි ගැහි නිල් වෙලා හැමතැනම
ඉගි මරා හිනැහිලා දුව දුවා ගේ පුරා
උබ නැගු මිනි නදේ නැවතිලා

නොමදොඩා බිම් බලා
එක්වරම අදුරු රළු නෙත් යොමා
අහන දේ දන්නවා උබ මගෙන්
ඔවු පුතේ හත් දෝහීන්
හත් වසක් වයස්ගතවෙලා උබ
මේ ගෙඉන් එදා ගිය
පොඩි එකා නොවේ උබ

දුව ඇවිත් හිටි ගමන්
මගේ ඔඩොක්කුවේ ඉදන්
නාකි හුරතල් පෑ
පොඩි එකා නොවේ උබ

කමක් නෑ මගේ පුතේ
උබ තාම මට
මගේ පොඩි එකා
ඇලවෙයන් ඔය ඇදෙ
බාන් ගැට
උණු කරන්නම් බොන්න
ඇග තවන්නට දැන්ම
ගේන්නම් උණු අලුත්


හර්ෂි සි. පෙරේරා