ප්‍රංශය : හිටපු ජනාධිපති වරදකරු වෙයි වසර දෙකක අත්හිට වූ සිර දඬුවමක්



l කිෂානි වැලිවිටිගොඩ

ප්‍රංශයේ හිටපු ජනාධිපති ජැක් චිරාක් තමන් නගරාධිපති පදවියේ සිටින අවදියේදී සිදුකල රැකියා වංචාවක් විෂයකොට ගෙන අද වරදකරු බවට පත් වූ අතර එහි ප්‍රතිඵලය වශයෙන් වසර දෙකක අත්හිට වූ සිර දඬුවමක් ඔහුටත් හිමි විය.

1995 සිට 2007 දක්වා ප්‍රංශයේ ජනාධිපති ලෙස කටයුතු කළ චිරාක් ඒ අනුව පොදු දේපල යුතු ලෙස භාවිත කිරීම සහ වංචා සිදු කිරීම චෙදනවට වරද කරු බව අධිකරණය විසින් තීන්දු කරනු ලැබීය.