එළවළු ගිනි ගණන්

| ප්‍රභාත් විතාන

දිවයිනේ බොහෝ ප්‍රදේශවල එළවළු හිඟයක්‌ ඇතිවීම නිසා එවායේ මිල ඉහළ ගොස්‌ තිබුණි.

ඒ අනුව වෙළෙඳපොළේ වම්බොටු, අමු මිරිස්‌, ලීක්‌ස්‌, කැරට්‌, බෝංචි, තක්‌කාලි කිලෝවක්‌ පිsළිවෙළින් රුපියල් 300, 1000, 400, 600, 500, 800 දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ එළවළු සහ පලතුරු ප්‍රවාහනයේදී ප්ලාස්‌ටික්‌ ඇසුරුම් අනිවාර්ය කිරීමේ රජයේ නීතියට විරෝධය පාමින් පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙළෙඳුන් එළවළු වෙළෙ¹මෙන් ඉවත්වී උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතවීම නිසාය.

සාමාන්‍යයෙන් දිනකට මැනිං වෙළෙඳපොළ වෙත එළවළු ලොරි රථ 250 - 300 ත් අතර ප්‍රමාණයක්‌ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බවත් ඊයේ (14දා) හා පෙරේදා (13 වැනිදා) දිනවල කිසිදු එළවළු ලොරි මැනිං වෙළෙඳපොළ වෙත නොපැමිණීමෙන් මෙසේ එළවළු මිල ඉහළ ගොස්‌ ඇති බවත් පිටකොටුව මැනිං වෙළෙඳපොළ සමාජිකයකු පැවසීය.

රජයේ මෙම තීරණයට එරෙහිව පිටකොටුව මැනිං වෙළෙඳුන් වෙළෙදාමෙන් ඉවත්වීම නිසා එළවළු කිලෝ ලක්‍ෂ 10 කට අධික ප්‍රමාණයක්‌ විනාශ වී ඇති බවත් අද (15 වැනිදා) දිනයේද මැනිං වෙළෙඳපොළ කිසිදු එළවළු ලොරියක්‌ නොපැමිණෙන බවත් මේ නිසා එළවළු මිල තවත් ඉහළ යා හැකි බවත් එම සාමාජිකයා වැඩිදුරටත් කියා සිටියේය.