පාකිස්තානය: නිර්මාතෘ අලි ජින්නාහ්ගේ උපන්දිනය සමරයි.

l කිෂානි වැලිවිටිගොඩ 

පාකිස්තානුවන් විසින් පාකිස්තානු නිර්මාතෘ වන මුහමඩ් අලි ජින්නාහ් හෙවත් කයිඩ් ඊ අසාම් ගේ 135 වන ජන්ම දින සංවත්සරය සමරු බව වාර්තා වේ. ඊයේ (25) දින පාකිස්තානු අගමැති වන යුසුෆ් රාසා ගිලානි අතුලු අනෙකුත් කැබිනට් සාමාජිකයන් විසින් නිර්මාතෘ අලි ජින්නාහ් වෙනුවෙන් ආගමික වතාවත් පවත්වා කරච්චි හි පිහිටි ඔහුගේ ස්මාරකය වෙත මල් වඩම් තබා ආචාර පැවැත්විය. 


1876 දෙසැම්බර් 25 වන දින කරච්චි නුවර ජින්නාහ් උපත ලබා ඇති අතර ඔහු නීතින්‍යවරයෙක් වන අතර දේශපාලකයෙක් වශයෙන්ද කටයුතු කර තිබේ. බ්‍රිතාන්‍යයන විසින් ආක්‍රමණය කල ඉන්දියාව ස්වාධින රටක් බවට පත් කර ගැනීමට අලි ජින්නාහ් සටන් කර තිබේ. ජින්නාහ් කෙරෙහි තිබු විශ්වාසයක් නම් බලාපොරොත්තුව වන වෙනසක් ඇති කළ හැක්කේ ප්‍රචණ්ඩත්වය මගින් නොව මැතිවරණ ක්‍රියාවලියක් යොදා ගෙන බව පාකිස්තානු ජනාධිපති අසිෆ් අලි සාර්දාරි එරට වැසියන්ට මතක් කළ විශේෂ කාරණයක් විය. ඉන්දියාවේ ඇති කර තිබු බ්‍රිතාන්‍ය ජනපද වලින් ජින්නාහ් විසින් මුස්ලිම් රාජ්‍ය වන පාකිස්තානය සොයා ගන්නා ලද්දේ ඔහුගේ මරණය සිදු වූ 1947 ට පෙර වර්ෂයේදීය.