සිරියාව : තම ජනතාව මැරිය හැක්කේ පිස්සු නායකයින්ට, මම එහෙම කළේ නෑ


ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂනය කරන්නන් මරා දැමීම සඳහා තමන් කිසිම ආකාරයකින් නියෝග නිකුත් නොකළ බවත් එසේ කළ හැක්කේ පිස්සු නායකයින්ට බවත් සිරියානු ජනාධිපති බසාර් අල් අසාද් ඇමෙරිකානු රුපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්චාවකට එක වෙමින් ප්‍රකාශ කළේය.

එසේම එක්සත් ජාතින් විසින් මෑතකදී තම වාර්තාවක් මගින් සිරියාවේ උද්ඝෝෂණ වලදී සිදු වූ ගැටුම් හේතුවෙන් මිය ගිය ගණන 4000 ක් පමණ බව ප්‍රශ්න කලද ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ආණ්ඩුව හිතවාදීන් බව ඔහු සඳහන් කළේය. ඇමරිකානු ABC නාලිකාවට මෙසේ තම අදහස් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තම රටට එරෙහිව සම්බාධක පැනවීමට කිසිඳු සාදාරන හේතුවක් නැති බවත් දැනටමත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙමින් ඇති බවත් සඳහන් කළේය. කෙසේ වෙතත් ගෙවී ගිය වසර 30-35 ක කාලය පුර සිරියාව සම්බාධක වලට මුහුණ දී ඇති බව හෙතම එහිදී මතක් කළේය.