නයිජීරියාව : නත්තල් දිනයේ කතෝලික පල්ලි වලට ප්‍රහාර එල්ල වේ.

l කිෂානි වැලිවිටිගොඩ 

නයිජීරියාවේ නගර දෙකක නත්තල් දින දේව මෙහෙය පවත්වමින් තිබු කතෝලික පල්ලි දෙකක් ඉලක්ක ප්‍රහාර එල්ල කොට ඇති බව විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. එම ප්‍රහාර වලින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙම සිද්ධීන් වලට අමතරව තවත් නගර 3 කට ප්‍රහාර එල්ල වී තිබේ. 


ඉස්ලාමිය කණ්ඩායමක් වන බොකෝ හරාම් ප්‍රකාශ කරන අන්දමට අබුජා අගනගරයට ආසන්නව මද්දල පිහිටි ශාන්ත තෙරෙසියා පල්ලියට එල්ල කල ප්‍රහාරයෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙම ප්‍රහාරයෙන් ටික වේලාවකට පසුව මධ්‍ය නගරය වන ජෝස් හි පිහිටි කතෝලික පල්ලියට ප්‍රහාර එල්ල කොට ඇති අතර එහිදී සිදු වූ වෙඩි තැබීම් වලදී පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

උතුරු යෝබේ ප්‍රාන්තයේ නගර තුනකටද කතෝලික පල්ලි සහ ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල වී තිබේ.