කියුබාව;- ඇමෙරිකානු උප කොන්ත්‍රාත්කරු හැර සිරකරුවන් දහස් ගණනකට සමාව.



හර්ෂි සි. පෙරේරා

පාප් වහන්සේ පැමිණීමට පෙර කියුබාවේ ජනාදිපති රාහුල් කස්ත්‍රෝ සිරකරුවන් 3000 කට නිදහස ලබා දෙයි. එත් ඒ අතර ඇමෙරිකානු ආණ්ඩුවේ උප කොන්ත්‍රාත්කරුවකු වූ ඇලන් ග්‍රොස් නොමැති වීම විශේෂත්වයකි. ඇලන් ග්‍රොස් සිද්දිය හවානා සහ වොෂින්ටන් අතර තීරණාත්මක කරුණක් බවට පත්වී ඇත. මෙම සමාව දීමට හේතුව පාප් වහන්සේගේ පැමිණීම බව සදහන් කරන රාහුල් කස්ත්‍රෝ මෙම මානුෂිය ක්‍රියාවෙන් කියුබාවේ ශක්තිය පෙන්නුම් කරන බව කියා සිටි.