කබිලාගේ ජය කොන්ගෝ ඉහල අදිකරණය තහවුරු කරයි.

හර්ෂි සි. පෙරේරා

කොන්ගෝ ඉහල අදිකරණය ජනාදිපති ජෝසප් කබිලාගේ ජයග්‍රහණය තහවුරු කිරීමත් සමග උප සහරා අප්‍රිකාවේ විශාලතම රටේ ප්‍රචණ්ඩත්වය පැතිර යන බවට බිය පල වේ. ඒ ප්‍රදාන විපක්ෂ අපේක්ෂකයා මැතිවරණ ප්‍රතිපල ප්‍රතික්ෂේප කිරීම නිසයි.

කොංගෝවේ 51 වසරක ඉතිහාසය තුල පැවති දෙවන ප්‍රජාතන්ත්‍රවාදී චන්දය ලෙස නොවැම්බර් මැතිවරණය සනිටුහන් වේ. එය ජාත්‍යන්තර ප්‍රජාවෙන් පරිබාහිරව කොන්ගෝ ආණ්ඩුවක් සංවිදානය කල පළමුවැන්න වීමද විශේෂත්වයකි. සිදුවූ අක්‍රමිකතා ගැන නිරීක්ෂකයින් සිය කනස්සල්ල පල කරති. ඔවුන් පවසන ආකාරයට සමහරක් දිස්ත්‍රික්ක වල චන්දය ප්‍රකාශ කිරීම අසාමාන්‍ය ලෙස ඉහල ගොස් තිබිණි.