මෙන්න ඇඹිලිපිටියෙන් තවත් දයානන්ද ලොකුගලප්පත්ති කෙනෙක්

| අමිල ගුණරත්න

ඇඹිලිපිටියේ කැටගල්ආර විද්‍යාලය යනු අඩු පහසුකම් ඇති අඩු අදායම් ලබන දෙමාපියන්ගේ දරුවන් යන පාසැලකි. කොළඹ පාසල් වල කරන්නාක් මෙන් දෙමාපියන්ගෙන් මුදල් අයකරගෙන මුරකරුවන්ට ගෙවීමට දෙමාපියන්ට වත්කමක් නැත. නමුත් ඒ බව ඇඹිලිපිටියේ කැටගල්ආර විද්‍යාලයේ විදුහල්පති පුටුවේ ඉඳගෙන සිටින හරකා දන්නේ නැත. මුරකරුගේ පඩි මුදල් වලට සම්මාදම් පරක්කු කිරීම නිසා ඇඹිලිපිටිය කැටගල්ආර විද්‍යාලයේ හතර වැනි පන්තියේ ඉගෙනුම ලබන සුසිලි සඳමාලි දුවගේ පාසල් ගමන මෙම විදුහල්පති හරකා විසින් තහනම් කොට තිබේ. මේ ගැන පැමිණිලි කිරීමට ගිය ඇයගේ දෙමාපියන්ට විදුහල්පතිගේ හෙන්චයියලා දමා පහර දී ඇත. භීෂණ යුගයක් තිබුනේ නම් ඇඹිලිපිටියේ කැටගල්ආර විද්‍යාලයේ විදුහල්පති එදා දයානන්ද ලොකුගලප්පත්ති කලාක් මෙන් ළමුන් ටයර් සෑ වල යවනු නැතියි කිව හැක්කේ කාටද? හරක් බලාගැනීමට සුදුසු මිනිසුන්ට විදුහල්පති පදවි දී පාසල් බලා ගැනීමට දුන් විට සිදු වන්නේ ඔවැනි දේවල්ය.

අනේ අධ්‍යාපන ඇමතියෝ මේවා නොපෙනෙන උඹේ ඇසුත් පොට්ටද ?