මීගමුවේ පාතාල නායක "ෆේරෝස්" අතුරුදහන්

මීගමුවේ අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධව සිටි පාතාල සාමාජිකයෙකු වන "ෆේරෝස්" නමැත්තා පසුගිය 29 වැනිදා සිට අතුරුදන්ව ඇති බව වාර්ථා වේ. කරාටේ ධම්මිකට, පොට්ටර් නවුෆර් වැනි ප්‍රධාන පෙළේ පාතාල ක්‍රියාකාරීන් සමග කටයුතු කරථීන් සිටි ෆේරෝස් කරාටේ ධම්මිකගේ මරණයෙන් පසු එම ස්ථානය ගෙන පාතාලයේ කටයුතු මෙහෙයවථීන් සිටි අයෙකු බව වාර්ථාවේ.

මීගමුව ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු වන "කුඩු ලාන්සා"ගේ පියා යටතේ වසර ගණනාවක් මීගමුවේ දේශපාලන මැර ක්‍රියා, ථීනීමැරුජී, දේශපාලන පලිගැනීම් වැනි සිද්දීන් ගණනාවකට චෝදනා ලබා ඔහු කලක් පේන් ලාන්සා යටතේ මීගමුව වෙරළ උද්‍යානය බාරවද කටයුතු කර ඇති බව දැනගන්නට ලැබේ.

පසුගියදා ඝාතනය කරනු ලැබූ ලොකුසීයා සමගද ඉතා සමීප ඇසුරක් පවත්වාගෙන ගිය "ෆේරෝස්" නමැත්තා මිගමුව මත් ද්‍රව්‍ය ජාවාරමටද සම්බන්ධව සිටි බව දැනගන්නට ලැබේ. ලොකු සීයා පැහැරගෙන ගිය ආකාරයටම "ෆේරෝස්" නමැත්තාද පැහැරගෙන ලොස් ඇති බවට ප්‍රදේශවාසීන් සැක පහළ කරයි.