ඇෆ්ගනිස්තානය : මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරයෙන් 6 දෙනෙක් මරුට

l කිෂානි වැලිවිටිගොඩ 

ඊශාන ඇෆ්ගනිස්තානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් ප්‍රධාන පොලිස් නිලධාරියෙකු, බුද්ධි අංශ නිලධාරියෙකු , ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු මරු මුවට පත් වී තිබේ. කුනාර් පළාතේ ගාසිබාද් දිස්ත්‍රික්කයේ පිහිටි මුස්ලිම් පල්ලියක් ඉල්ලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. සිකුරාදා(09) ආගමික වතාවත් නිමා වී බැතිමතුන් පල්ලියෙන් පිට අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන බවට වාර්තා වේ. සිද්ධියෙන් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇත. 


මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වගකීම තලෙයිබාන් හමුදාව විසින් භාර ගෙන ඇත.තලෙයිබාන් ප්‍රකාශක මුහාජිඩ්ගේ ප්‍රකාශයට අනුව ඔවුන් මෙම බෝම්බය මුස්ලිම් පල්ලියේ ස්ථාන ගත කර ඇත්තේ රජයේ නිලධාරින් ඉලක්ක කරගනිමිනි.