| ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තා කරුවෙකු විසිනි
පත්තරයකට, සගරාවකට හෝ වෙබ් එකකකට තමා ලියපු ලිපියක් යටින් තමන්ගේ නම සදහන් කිරිම සිරිතකි.එය සම්ප්රදායකි. පත්තරවලනම් බොහෝවිට මාසික පඩිය සැදෙන්නේද තමාගේ නමින් පලවුන ලිපි එකතුවෙනි.පත්තරවලට අලුතෙන් එන උදවියටද තමන්ගේ නමින් news එකක් පල වීම තරම් සතුටක් තවත් නැත. මන්ද තමන්ගේ ආත්ම විස්වාසය ගොඩනැගෙන්නේ එවැනි දෙයකිනි.තව තව හොදට ලියන්නට හැකිවන්නේ මෙම ගොඩනැගෙන ආත්ම විස්වාසයෙනි.
අවාසනාවකට වැඩ බැරි දාසල විසින් මෑතක සිට පාලනය කරනු ලබන ශ්‍රී ලංකා ජනමධ්‍ය විදුහලේ ඉගෙනුම ලබන පුවත්පත් මාධයෙන් ඉගෙනගන්නා සිසුවෙකුට තමන් ලියුපු news එකක් යටින් තමන්ගේ නම පල වුන නිසා අද දින විදුහලේ අධ්‍යක්ෂකවරිය මෙම ජනමාධ්‍යවේදියාට තර්ජනාත්මක ලියුමක් යවා ඇත, ලිපියේ සදහන්ව ඇත්තේ තවදුරටත් news වල නම සදහන් කරන්නේ නම් තමන්ට හිමි ඩිප්ලෝමා සහතිකය නොදෙන බවයි.
ඇයගේ හා තවත් බලගතු කෙනෙක් යයි කියා ගන්න කැමති කෙනෙකුගේ උපදෙස් මත හඳුන්වා දී ඇති මෙම නව නිතියට අනුව ජනමාධ්‍ය විදුහලේ සිසුන්ට තමන්ගේ නමින් පුවත් පල කිරීමේ නිදහසක් නැත. මාධ්‍ය නිදහස ගැන පුරසාරම් දොඩන ආයතනයකින් තමන්ගේ ආයතනයෙන් අධ්‍යාපනය ලබන සිසුන්ගේ නිදහසද අද කප්පාදු කර ඇත.මෙම වසර නිමකළ සිසුන් සියලු දෙනාටද මෙසේ නම සදහන් නොකර පුවත් පලකරන ලෙස ලියුම් දී ඇත.එසේ පලකරතොත් ඩිප්ලෝමාව නෙදෙනබව තර්ජනය කර ඇත. මෙය මහා අවාසනාවන්ත තත්වයකි. මන්ද, ඈත පිටිසර පළාත්වලින් කොළඹට පැමිණ වසරක් දුක්විද අධ්‍යාපනය ලබන්නේ රැකියාවක් ලබන්නටය. එයද තමන් තනිවම හොයාගත යුතුය.කොච්චර් පුවත් ලිවව්ත් තමන්ගේ නම සදහන් කරන්න බැරි නම් පලක් නැත.මෙම තර්ජනයට ලක් වී ඇති විදුහල් සිසුවාද අනුරාධපුරයේ සිට පැමිණි දරුවෙකි. මෙවැනි දරුවන්ටත් තර්ජනය කරන පාලකයින්ගෙන් ඇති පලය කුමක්ද? බොහෝ දුෂ්කර තා මැද ගොඩනගා ගත් ජනමාධ්‍ය පාසලද කබරගොයාට ගොස් ඇත. කිසි දැනුමක් නැති බොලද ළදරියක විසින් මෙය පාලනය කිරීම ඊට මුලික හේතුව ලෙස සැලකේ.
Post a Comment