මට සහ නැගණියට සහෝදරයෙක් තර්ජන කරනවා
| අකිත පෙරේරා
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් සිය පවුලේ සහෝදරයකු තමන්ට සහ තම නැගණියට බැන තර්ජනය කරන බව රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය මොරටුමුල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මොරටුවේ විල්ලෝරාවත්ත ප්‍රදේශයෙහි සිය පවුලට අයත් ඉඩමෙහි තමාට අයත් කොටස ලී ව්‍යාපාරිකයකුට කුලියට ලබාදී ඇතැයි ද ඊට විරෝධය පළකරමින් අදාළ සහෝදරයා මෙසේ තර්ජනය කරන බව ද විජේවීර මහත්මිය සඳහන් කර තිබේ.
සිය සහෝදරයා තමාට සහ තම නැගණියට මෙන්ම අදාළ ව්‍යාපාරික ස්‌ථානයට ද ගොස් බැන තර්ජනය කර ඇති බව පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර එම පැමිණිල්ල ඊයේ (15 දා) විභාග කළ බව මොරටුමුල්ල පොලිසියේ ප්‍රකාශකයකු පැවැසීය.
Post a Comment