මෙක්සිකානු අභ්‍යන්තර කටයුතු පිලිබඳ ලේඛම් හදිසි අනතුරකින් මරුට


l කිෂානි වැලිවිටිගොඩ 

මෙක්සිකෝ නගරයට ආසන්නයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මෙක්සිකානු අභ්‍යන්තර කටයුතු පිලිබඳ ලේඛම් ෆ්රැන්සිස්කෝ බ්ලේක් මෝරා ඇතුළු තවත් හත් දෙනෙකු මිය ගොස් තිබේ. මිය ගිය හත් දෙනා අතර ෆ්රන්සිස්කොගේ සහයකයින් සහ හෙලිකොප්ටර් යානයේ කාර්ය මණ්ඩලයේ සේවකයින්ද සිරුරුද තිබෙන බවට විදෙස් පුවත් ඒජෙන්සි වාර්තා කරයි. 

ෆ්රැන්සිස්කෝ බ්ලේක් මෝරා

ෆ්රැන්සිස්කෝ ඇතුළු කණ්ඩායම රැගත් හෙලිකොප්ටර් යානය මෙක්සිකෝ නගරයේ සිට මොරෙලොස් හි අසල්වැසි ප්‍රාන්තය වන කුවෙර්ණවකා වෙතට පියාසර කිරීමේදී මෙම අනතුර සිදු වී තිබේ.

දේශ ප්‍රේමි පුද්ගලයෙකු මෙන්ම මගේ හිතවත් මිත්‍රයෙකු වන ෆ්රැන්සිස්කෝ මෙක්සිකෝවට අහිමි වූ බව මෙක්සිකානු ජනාධිපති ෆිලිප් කල්දරෝන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටි අතර මෙම අනතුර පිලිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ආරක්ෂක අංශයට අණ කර සිටියේය.

මත්ද්‍රව්‍ය නිසා ඇති වන ප්‍රචණ්ඩ ක්‍රියා වලින් පිඩා විඳින රටක් වන මෙක්සිකෝව එම තත්වය මර්ධනය කිරීමට මෙක්සිකානු රජය මහත් පරිශ්‍රමයක් දරමින් සිටි.