ටියුනීශියාව: යසර් අරෆට් ගේ බිරිඳට ජාත්‍යන්තර වරෙන්ත්තු

| කිෂානි වැලිවිටිගොඩ

ටියුනිශීයාවේ හිටපු ජනාධිපතිවරයාගේ පවුල සමඟ සිදු කරනු ලැබූ ගනුදෙනු වලදී සිදු වූ ධූෂණ ගැන වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීම සඳහා ටියුනීශියාවේ අධිකරණ අමතනාශය විසින් පලස්තීන අධිකාරියේ හිටපු නායකයාගේ බිරිඳ වන සුහා අරෆට් හට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කොට තිබේ.

සුභා අරෆට් පසුගියදා උද්ඝෝෂණ හේතුවෙන් රටින් පලා ගිය බෙන් අලීගේ බිරිඳ සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ඇත.

කෙසේ වෙතත් මාධ්‍යට අදහස් දක්වූ අරෆට් කියා සිටියේ තමන්ට කිසිම ආකාරයේ නිල නිවේදනයක් මෙතෙන් නොලැබුණ බවත් ටියුනිශියාවේ තිබු ආණ්ඩුවේ ගොදුරක් වන තමන් ඒ අකාරයෙන් සැලකීම පුදුමයට කාරණයක් බවත් ප්‍රකාශ කළාය. 80 දශකයේදී සහ 90 දශකයේදී පලස්තීන විමුක්ති සංවිධානයේ ප්‍රධාන ශාඛාව ටියුනිශීයාවේ පව්ටහි කාලයේදී අරෆට් පවුල සමඟ ටුනිශීයාවේ සම්බන්ධතා තර විය.

එසේම යසර් අරෆ්ට් 2004 දී මිය ගිය පසු සුභා හට ටියුනිශියානු ගුවන් බලපත්‍රයක් ලැබුණු අතර ඉන් පසු වැඩිම කාලයක් ඇය ටියුන්ශියාවේ ගත කළාය. නමුත් බෙන් අලීගේ බිරිඳ වන ලේඉලා ට්‍රබෙයිලි අතර ඇති වූ ගැටුමකින් පසු ඇයගේ ටියුනිශියානු පුරවැසිභාවය 2007 දී ඉවත් කරනු ලැබීය. මේ වන විට ඇය මොල්ටාවේ ජීවත් වන්නිය. 




Tell a Friend