මිලියන 60 අරමුදල් කපා හරියි
| කිෂානි වැලිවිටිගොඩ
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානයේ පුර්ණ සාමාජිකත්වය පලස්තීනයට ලබාදීම පිළිබඳව තම කනස්සල්ල ප්‍රකාශ කරන බව ඇමෙරික එකසත් ජනපදය ප්‍රකාශ කරයි.
එහි ප්‍රතිපලය වශයෙන් අදාළ සංවිධානයට එක්සත් ජනපදය ලබා දෙන වාර්ෂික අරමුදල් වහාම නැවැත්වීමටද එක්සත් ජනපදය තීරණය කොට ඇත. එහි රජය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව වන වික්ටෝරියා නුලන්ඩ්," පැරිස් නුවර මූලස්ථානය කරමින් ක්‍රියාත්මක වන අදාළ සංවිධානයට ලබා දෙන මේ මාසයේ එනම් නොවැම්බර් වල ලබා දීමට නියමිත ඩොලර් මිලියන් 60 ක මුදල වහාම අත්හිටුවීමට තීරණය කොට ඇත්තෙමු," යැයි ප්‍රකාශ කළාය.
ඊයේ යුනෙස්කෝ සංවිධානයේ පැවති රැස්වීමකදී චන්ද විමසීම පවත් වූ අතර ඉන් 107 පලස්තීනයට පුර්ණ ආසනයක් ලබා දීමට කැමැත්ත පල කළ අතර රටවල් 14 ක් පමණක් ඊට විරුද්ධ විය. එසේම සාමාජිකයින් 52 දෙනෙකු පැමිණ සිටියේ නැත.
Post a Comment