ග්‍රීසිය: ණය ලබා ගැනීම සඳහා ජනමත විචාරණයකට

| කිෂානි වැලිවිටිගොඩ

යුරෝපානු සංගමය විසින් ලබාදීමට නියමිත ණය ලබා ගන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ග්‍රීසියේ ආණ්ඩුව ජනමත විචාරණයකට යාමට සුදානම් බව ආණ්ඩුව සඳහන් කරයි. ඒ අනුව තමන් අදාළ ණය මුදල ලබා ගත යුතුද නැද්ද යන්න ජනතාවට තීරණය කිරීමට අවස්තාව ලැබේ.

" අපි ජනතාව ගැන සහ ඔහුනේ තීරණය විශ්වාසය තමන්නෙමු, ඔවුන්ගේ අයිතිය අපි පිළිගන්නෙමු," යයි අදාළ ජනමත විචාරණය සම්බන්ධයෙන් අදහස් දැක් වූ එරට අගමැති ජෝර්ජ් පාපන්ද්රෙඕ ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අගමැති වරයාගේ පාලන ක්‍රමවේදය ගැන විවේචනය කරන එරට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රකාෂකයා වන යානිස් මිචේලකිස් සඳහන් කළේ, ග්‍රීසියට හිමි වී ඇති යුරෝපානු සංගම් සාමාජිකත්වය අනතුරට ලක් වී ඇති බවත් ඒ සමඟ අගමැති වරයා කාසියේ වාසිය උරගා බලන්නා සේ උඩ දමමින් සිටින බවත්ය.

Tell a Friend