හර්ෂි සි. පෙරේරා
විදුලිය විසන්ධිවීම නිසා බදුල්ල මහාධිකරණයේ නඩු ඇසීම ඉටිපන්දම් හා විදුලිපන්දම් එළියෙන් අද පැය හතරක් සිදු කිරීමට මහාධිකරණ විනිසුරු පියසීලි වික්රමනායක මහත්මියට සිදු විය. හදිසි අලූත්වැඩියාවක් සඳහා නගරයේ ඇතැම් පෙදෙස් හි විදුලිය විසන්ධි කැර තිබිණි.
මේ ඉටි පන්දමින් නඩු ඇසීම රාජපක්ෂ රෙජීමය යුක්තිය කෙරෙහි දක්වන්නා වූ නොසැලකිල්ල මැනවින් පිලිබිබු කරයි. එක අතකින් පුදුම විය යුතු නැත. මක්නිසාද රාජපක්ෂලා උත්තරීතර අදිකරණය දෙන තීන්දු තුට්ටුවකට ගණන් නොගෙන අපරාදකරුවන් නිදහස් කරන බැවිනි. මේ ජනපති සමාවට අලුතින්ම එකතුවුයේ මහනුවර හිටපු පුරපතිය.
ගෝටා ගේ සහ අගමැති ගේ දරුවන්ගේ මගුල් ගැනීමට යෙදු මුදල් වලින් අදිකරණ කියකටනම් ජෙනරේටර රැගෙන දීමට තිබුනේද? වන්දනා රැගෙන යන නඩයවල් ලෙස රාජපක්ෂ රට සවාරි ගෙනයන ගැත්තන්ට වැයවන මුදල් මෙරට අදිකරණ උසස් තත්වයට ගෙන ඒමට යෙදීමට නොතිබුණේද?
මේ තත්වය වෙනස් කල හැක්කේ ජනතා හඩට පමණි.
Post a Comment