තර්කානුකූලව පහදන්න

අද අපි වෙසෙන පශ්චාත් යුද බිමේ කිසිම සිදුවීමක තර්කානුකූලභාවයක් සනාථ කල නොහැක

1) යුද්ධයේ මිලිටරි පාර්ශවය සාර්ථකව ජයග්‍රහණය කල ජෙනරාල් සරත් ෆොන්සේකා වසරකුත් මාස කිහිපයක් තුල වැලිකඩ බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් සමඟ එක හැලියේ බත් බුදීම තර්කානුකූලව පහදන්න.

2 )රටේ සියළු දෙනාගේ ජනාදරයට පාත්‍රවූ, දිනකට කැසිනෝ වෙනුවෙන් පමණක් ලක්ෂ ගණනක් වියදම් කල ධන කුවේරයෙක් වූ සක්විති රණසිංහ මාස කිහිපයක් තුල යකඩ කම්හලක කුලී වැඩ කරන අන්ත හිඟන්නෙකු ලෙස පොලිස් අත්අඩංගුවට පත්වීම තර්කානුකූලව පහදන්න.

3) යන්තම් වසර දෙකකට පෙර යුද හමුදාව සමූලඝාතනය උදෙසා අති නවීන අවි ආයුධ කැරළිකරුවන් වෙත සැපයූ කේ.පී. ට සැලියුට් කිරීමට හමුදාවේම සෙබළෙකුට සිදුවීම තර්කානුකූලව පහදන්න.

4 )දේශපාලනය තබා රංගනය පිළිබඳවවත් මොන මළ දානයක්වත් හරියකට නොදන්නා නිරූපිකාවක වන උපේක්ෂා ස්වර්ණමාලී ප්‍රවෘත්ති සාකච්ඡාවක් තබා 18 වන සංශෝධනය පිළිබඳ ඇගේ ස්ථාවරය පැහැදිළි කිරීම තර්කානුකූලව පහදන්න.

5 )විධායක ජනාධීපති ක්‍රමයට එකඟව කටයුතු කල රවි කරුණානායක 18 වන සංශෝධනයට විරුද්ධ වෙද්දී වාසුදේව එයට පක්ෂ වීම තර්කානුකූලව පහදන්න.

(උපුටා ගැනීම රෑ රූ අඩවියෙන් )

තර්කය තව දුරටත් .................................

6) තම පිස්තෝලයෙන් වෙඩි තබා මිනිසුන් මැරීමට පුල පුලා බල සිටින්නේ යැයි කියන සහ ගවයන් මරණ ඕනෑම කෙනෙකුගේ ඇත කපන බවට වහසි බස් දොඩන මර්වින් සිල්වාට බුද්ධාගමේ ගරු බුහුමන් සම්මාන ලැබීම

7) ජනාධිපති උපදේශයෙකුට මහා මඟ වෙඩි තබා මරා දැමු තැනක සිටි සහ වෙඩි තැබුවාය යැයි සාක්ෂියකදී නම් සඳහන් වූ දුමින්ද සිල්වා එතෙර යාමෙන් පසු අත්අඩංගුවට ගැනීමට මහේත්‍රාත් නියෝග දීම

8) කෝටි ගනන් මුදල් ගනුදෙනු කරන භික්ෂුන් , පුජකයන් අනුගාමිකයන්ට අපිස් ජිවිත ගත කිරීම ගැන දේශනා කිරීම

9) ස්ත්‍රී දුෂකයන්ට , මිනීමරුවන්ට , කුඩු ජාවාරම්කාරයන්ට කතිරය ගසා උන්ව පාර්ලිමේන්තුවට යවන චන්දදායකයන් සාධාරන මැතිවරණ බලපොරොත්තු වීම

10) මුදලට හා වෙනත් වාසි වලට දුෂිත පාලකයන්ගේ කිලිටි රෙදි අපුල්ලන්න බෝතල් පත්තරකාරයන් නිවැරදි මාධ්‍ය භාවිතය ගැන ඔවදන් දීම

තර්කානුකූලව පහදන්න..............