මැලේසියාවේ පවතින ගංවතුර හේතුවෙන් කුඩා ළමුන් 3 ක් මරුට


l කිෂානි වැලිවිටිගොඩ 

මැලේසියාවේ දැනට පවතින ගං වතුර හේතුවෙන් කුඩා ළමුන් 3 ක් මරුමුවට පත් වී ඇති අතර රටේ ඊසාන දිග ප්‍රදේශයේ දහසකට ආසන්න ප්‍රමාණයක නිවාස විනාශ වී තිබෙන බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. ගං වතුර වැඩිවීමත් සමගම තේරෙන්ග්ගනු සහ කෙලන්ටන් ආශ්‍රිත ගංගා වල පවතින ජල මට්ටම ඉහල යාම හේතුවෙන් එරට රජය විසින් පුද්ලයින් 3,500 ක් පමණ දෙනා තාවකාලික කඳවුරු වෙත ඉවත් කර තිබේ.


තේරෙන්ග්ගනු ප්‍රදේශයට මේ දක්වා බල පෑ දරුණුතම ගං වතුර දැනට පවතින ගං වතුර වන අතර එම ප්‍රදේශයෙන් පුද්ගලයින් 2,600 ක් පමණ ඉවත් කර තිබේ. කෙලන්ටන් ප්‍රදේශයට ආසන්න ස්ථානයකදී ගං වතුරට හසු වී කුඩා ළමුන් 3 ක් මරු මුවට පත් වී ඇති අතර නව යොවුන් වියේ පසුවන ගැහැණු ළමයෙක් අතුරුදහන් වී ඇති බවට වාර්තා වේ.

බලධාරීන් පවසන අන්දමට කාලගුණ වාර්තා වලින් පල කරන ලද අනාවැකි වලින් මෙම වර්ෂය අවසානයේදී පවතින මෝසම් වර්ෂාවෙදී සියයට 40 ක පමණ වර්ෂාව බලාපොරොත්තු වීම නිසා ඔවුන් මේ වර්ෂයේදී දරුණු ගං වතුර සඳහා හොඳ සුදානමකින් සිටි බවයි.