කරුණානිධිගේ දියණියට ඇප

දුෂණ චෝදනා යටතේ සිර ගත කොට සිටි තමිලනදුවේ හිටපු මහා ඇමති කරුණානිධිගේ දියණිය වන කනිමොනි තවත් ස්වල්ප වේලාවකින් ටිහල් බන්ධනාගාරයෙන් නිදහස් වීමට නියමිත බව ලැබෙන අලුත්ම වාර්තා පෙන්වා දෙයි. 2G ජංගම දුරකථන හදුන්වාදීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ඇයට විරුද්ධව චෝදනා එල්ල වූ අතර ඇය මාස 06 ක් කාලයක් සිර ගත කරනු ලැබීය.

දිල්ලි වේලාවෙන් සවස 07 ට පමණ ඇය නිදහස් වීමට නියමිත බවත් මේ අවස්ථාව වන විට ඇය බන්ධනාගය තුළ සිදු කරන නඩු විභාගයට සගභාගී වන බවත් වාර්තා වේ.

- කිෂානි