සිරියානු හමුදාව ළමුන් 256 ක් මරා දමති - එ.ජා.

සිරියාවේ හමුදාව විසින් පසුගිය කාලය පුරා සිදු කළ ඝාතන පිළිබඳව පරීක්ෂණ සිදු කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාව මනුෂ්‍යත්වයට එරෙහිව අපරාද සිදු කළ නව සඳහන් කොට තිබේ. අදාළ වාර්තාවේ සඳහන් වන ආකාරයට වයස අවුරුදු 2 ක් වයසැති ළමයෙකුද ඇතුළුව සිරියානු හමුදාවේ ප්‍රහාර වලින් මිය ගිය ළමුන්ගේ සංඛ්‍යාව 256 ක් බව සඳහන් කොට තිබේ.

අදාළ වාර්තාව සකස් කළ කණ්ඩායමේ ප්‍රධානියා වන පොලෝ පෙන්හෙයිරෝ සඳහන් කරන ආකාරයට සිරඉයානු ආණ්ඩුව විසින් සිදු කළ ඝාතන සඳහා පිළිගත හැකි මට්ටමේ සාක්ෂි රැසක් තිබෙන බවද සඳහන් කළේය. අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සිරියාවේ ආණ්ඩුව සහ ආණ්ඩුවට එරෙහි විරෝධතා කරුවන් අතර පවතී ගැටුම් වලින් 3500 කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි.

- කිෂානි