මිනිස්සු මානව හිමිකම් වලට බයද?


හර්ෂි සි. පෙරේරා

සාමාන්‍ය ජනතාව මානව හිමිකම් වලට බය නැහැ. එක ප්‍රයෝගිකව ඔප්පු කිරීමට සාදකත් තියෙනවා.

ඊයේ එනම් 2011.11.15 වැනිදා ගාල්ල හබරාදුව කටුකුරුන්ද ප්‍රදේශයේ ජනසංසදය විදි මෙහෙයුමක් සංවිදානය කරලා තිබුනා. මෙයට ගම්වාසීන් 22 ක් පමණ සහබාගි වුනා. ඔවුන්ට ජනසන්සදයේ ක්‍රියාකාරීන්ද එකතු වුනා. පළමුව පැමිණි සිටි අයට පොලිසිය හා නිතිය පිළිබද කෙටි පැහැදිලි කිරීමක් කල අතර විදි මෙහෙයුමේ අරමුණද ඔවුන්ට පැහැදිලි කරනු ලැබුවා.

පසුව ඔවුන් යුක්ති ක්‍රියාදාමයට අදාල සටන් පාටයන් සහිත ටි ෂට් සහ කැප් දමාගෙන ගමේ ඇවිදිමින් මානව හිමිකම් ප්‍රකාශන සහ පත්‍රිකා බෙදා හැරියා.

මේ සියලු කටයුතු සදහා බි. වසන්ති මහත්මිය ඇගේ ගෙදර ඉඩ පහසුකම් සලසා දුන්නා. ගමේ ඇවිදමින් ප්‍රකාශ බෙදා හරිමින් ගම්වාසීන්ට මානව හිමිකම් පිළිබද දැනුවත් බාවයක් ලබා දුන් පිරිසට ඇගේ නිවසේදී තේ පැන් සංග්‍රහයක්ද සංවිදානය කරලා තිබුනා.