ශී‍්‍ර ලංකාවේ වෙබ් අඩවි කිහිපයක් වාරණය කිරීමට ආරක්ෂක ලේකම්වරයා නියෝග කරනු ලැබුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල මහතාගේ උපදෙස් මත බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
ගනේගල මහතා මේ වනවිට රජයේ සේවයෙන් විශ්‍රාම යා යුතු වයස පසු කොට 63 වන වියට පා තබමින් සිටින බවත්, මෙම වෙබ් අඩවි තහනම හරහා ආරක්ෂක ලේකම්වරයාගෙන් ‘ලකුණු’ දා ගනිමින්, ජනාධිපතිවරයාගෙන් තවත් වසරක සේවා දිගුවක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද එම නිලධාරියා පැවසීය.
ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ප්රවෘත්ති අධ්යක්ෂ වසන්තපි‍්‍රය රාමනායක මෙන්ම, විදුලි සංදේශන නියාමන කොමිෂමේ අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් මෙම වෙබ් අඩවි තහනම නව තාක්ෂණයට අනුව ඵල රහිත බව කියා සිටියද, වහාම මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ලෙස ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කොට ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේදී ජනාධිපති කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකු ලෙස සේවය ඩබ්ලිව්.බී. ගනේගල මහතා, එකල ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කළ සනත් ගුණතිලක මහතාගේ සුවච කීකරු ගෝලයෙකු විය.
එකල සනත් යන එන සාදවල ඔහු සමග යන නඩයේ ප්‍රධානියෙකු වූයේද මෙම ගනේගල මහතාය. සනත්ගේ තනි නොතනියට ගිය අනෙකුත් රජයේ නිලධාරීන් වූයේ හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ආරිය රූබසිංහ, රූපවාහිනී සංස්ථාවේ දේවපි‍්‍රය අබේසිංහ හා නිමල් ඒකනායක යන මහත්වරුන්ය. එම සාදවල මධුවිත සැපයීම සිදු කරනු ලැබුවේ, සනත් ගුණතිලකගේ තැබෑරුම් පවත්වාගෙන ගිය නිමල් යන අයය.
සනත් ගුණතිලකට ‘පිම්පි’ වැඩ කරමින් ගනේගල මහතා කලා ක්ෂෙත්රයේ විශාල පිරිසක් හඳුනා ගත් අතරම, කලාකාරියන් කිහිප දෙනෙකු සමගද සමීප සබඳතාවයක් පවත්වාගෙන යනු ලැබීය. ගායිකාවක් සමග පැවැත් වූ සබඳතාවයක් දුරදිග යාම නිසා හිටපු ජනාධිපතිනිය අවස්ථා කිහිපයකදීම ගනේගල මහතාට අවවාද කර තිබේ.
කෙසේ වුවද, මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු හිටපු ජනාධිපතිනියගේ කාර්ය මණ්ඩලයේ සිටි බොහෝ රජයේ නිලධාරීන් කාර්ය භාරයක් නොමැති සංචිතයට වැටුණු අතර, ගනේගල මහතාට උසස්වීමක් ලබාදී ඔහුව තවදුරටත් රාජ්‍ය සේවයේ රඳවා ගනු ලැබුවේ ඔහු සමග සමීපව ඇසුරු කළ කලාකරුවන් පිරිසකි.
රේණුකා බාලසූරිය, සෝමරත්න දිසානායක, එඞ්වඞ් - චරිතා යුවළ, දීපිකා පි‍්‍රයදර්ශනී, රෝහණ වීරසිංහ හා ඇමති ඩලස්ගේ බිරිඳ වන ප්‍රදීපා ධර්මදාස යන කලාකරුවන් ඒ අතර පෙරමුණ ගෙන සිටි අතර, ඔවුන් ජනාධිපතිවරයා හමුවී ගනේගල මහතාට තවදුරටත් අවස්ථාවක් දෙන ලෙස දැඩි බලපෑමක් කරනු ලැබීය.
ඊට අමතරව, ගනේගල මහතාට උසස්වීමක් ලබාදී ඔහු තවදුරටත් රාජ්‍ය සේවයේ රඳවා ගැනීම සඳහා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද විශාල කාර්ය භාරයක් ඉටු කරනු ලැබීය.
එම කලාකරුවන්ගේ පිහිටෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ බලය අතට ගත් ගනේගල මහතා ජනමාධ්‍ය විෂය භාර සිටි අමාත්‍යවරුන් සම්බන්ධ තොරතුරුජනාධිපතිවරයාට ලබාදෙමින් වසර කිහිපයක් සේවා දිගු කිරීම් ලබාගෙන තිබේ.
කෙසේ වුවද, ගනේගල මහතා 2009 වසරේදී සේවා දිගු කිරීම් ලබා ගැනීමට යොදා ගත්තේ, නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා සමග සමීපව ඇසුරු කරන තරුණ නිළියන් කිහිප දෙනෙකි. එසේම, 2010 වසරේදී ඔහු සේවා දිගුවක් ලබා ගත්තේ, නිලි රැුජින මාලනී ෆොන්සේකා මන්තී‍්‍රවරිය හරහා ජනාධිපතිවරයාට බලපෑම් කිරීමෙනි.
ගනේගල මහතා ඔහුගේ රැකියාවේ සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගැනීම සඳහා මේ වනවිටත් කලාකරුවන්ගේ සහාය ලබා ගනිමින් සිටී. පසුගියදා විවාහයට පත් ඔහුගේ සොයුරාගේ දියණියගේ විවාහ මංගල්‍යයටද ගනේගල මහතා තමාට හිතවත් කලාකරුවන්ට ආරාධනා කර තිබිණ.
කෙසේ වෙතත්, තව මාස කිහිපයකින් මොහුට ලබාදී ඇති සේවා දිගුව අවසන්වීමට නියමිත අතර, මේ අවස්ථාවේදී ඔහු තවත් සේවා දිගුවක් ලබා ගැනීමට යොදා ගෙන ඇත්තේ, ‘මනිලොන්ඩරින් ජයවීර’ නොහොත් ට්‍රයි ඇඞ් ආයතනයේ සම කළමනාකාර අධ්යක්ෂ දිලිත් ජයවීර මහතාවය.
දිලිත් ජයවීර මහතා මාර්ගයෙන් කිහිප වරක් ආරක්ෂක ලේකම්වරයා පෞද්ගලිකව මුණ ගැසී ඇති ගනේගල මහතා, ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් එරෙහිව වෙබ් අඩවි කිහිපයකින් පහර දෙන බැවින් එම වෙබ් අඩවි තහනම් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් නොපමාව නීති සම්පාදනය කරන ලෙසද ගනේගල මහතා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ. මේ සම්බන්ධයෙන් මතු වන ඕනෑම ගැටලූවකදී තමන් ඊට මුහුණදීමට සූදානම් බවට ඔහු ආරක්ෂක ලේකම්වරයා ඉදිරියේ එකඟ වී ඇත.
ගනේගල මහතාගේ රහස් ගණුදෙනු විස්තරාත්මකව තවදුරටත් බලාපොරොත්තුවන්න.
- ලංකා නිව්ස් වෙබ්
Post a Comment