| කිෂානි වැලිවිටිගොඩ
ඉතිහාසගත දෙවන ලෝක යුද්ධයේ 70 වෙනි සංවත්සරය සංඛේතවත් කරමින් මෙවර දහස් ගණන් වූ රුසියානු සොල්දාදුවන් සහ කැඩෙට් නිලධාරින් එක්ව රතු චතුරාශ්රය හරහා ආචාර පෙළපාලිය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු බව මොස්කව් නුවරින් වාර්තා වේ.
අද දින (07) පැවැත්වුණු පෙළපාලියට පුද්ගලයින් 6,000 ක් දායක වුනු අතර ඔවුන්ගෙන් බොහෝ දෙන දෙවන් ලෝක යුද්ධය සිදු වුනු යුගයේ නිල ඇඳුම් වලින් සැරසී සිටි අතර ටි.34 වර්ගයේ යුද්ධ ටැංකි සහ එම අවධියේ භාවිත කරන ලද යුද්ධ උපකරණ වැනි ප්රදර්ශනාත්මක අංග මෙයට ඇතුලත් විය.
මොස්කව් නුවර ආක්රමය කිරීමට පැමිණි නාසි හමුදාවන්ගෙන් ආරක්ෂා කර ගෙන 1941 නොවැම්බර් 07 වන දින ආචාර පෙළපාලියට සභාගි වූ යුධ පෙරමුණු වලට මෙම උතසවයේදී හරසර පිරි නමන ලදී.
මෙහිදී පැවැත් වුනු ප්රති නිර්මාණය කරන ලද සටන් පුහුණුවීම් සහ කාල තුවක්කු බල ඇණි සටනට සුදානම් වන අයුරු දක්වන අංග සඳහා නැරඹීමට පැමිණි සිටි ප්රවීණ නිලධාරින්ගේ අවධානයට ලක් විය. සෝවියට් යුගයේදී වාර්ෂිකව නොවැම්බර් 7 වන දින හමුදා ආචාර පෙළපාලි පැවැත් වූ අතර 1917 දී බෝල්ෂෙවික් විපල්වය සැමරුම වෙනුවන් නිවාඩු දිනයක් බවට පත් වුවත් 2005 වර්ෂයේදී රුසියානුවන් විසින් නොවැම්බර් 07 වන නිවාඩු දිනය අහෝසි කළේය.
Post a Comment