ජනමාධය විදුහල : ඕපපාතික අධ්‍යක්ෂකවරිය කප්පම් ගනී?

| ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තාකරුවෙකු විසිනි

තමන්ගේ අඩුපාඩු වසාගන්න අසරණ ළමුන්ගෙන් මුදල් ලබාගැනීම නින්දිත ක්‍රියාවකි. මන්ද ජනමාධ්‍ය විදුහලේ අධ්‍යක්ෂකවරිය හා පුවත්පත් ආයතන ඉහල නිලධාරීන් මේ කරන්නේ තමුන්ගේ ළමුන් පාවා දී තව එකෙකුගේ අඩුපාඩු වසාගැනීමට අනුබල දීමකි.
හසින් කඩා පාත් වූ අධ්‍යක්ෂකවරියක් විසින් පාලනය කරනු ලබන ජනමාධ්‍ය විදුහල කොළඹ ප්‍රකාශනයේ තවත් ඉදිරි පියවරක් තබමින් ජනමාධ්‍ය සිසුන්ගෙන් ඉතා අසාදාරන ලෙස මුදල් අයකරගැනීමේ ක්‍රියාවක නිරත වී සිටි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය තුළ අතුරුදහන් වූවා කියන ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් වෙනුවෙන් එහි වටිනාකම රුපියල් 100000 බව පවසමින්, මෙම මුදල සියලු ළමුන් විසින් ගෙවන ලෙස අද දින ( නොවැම්බර් 07 ) අධ්‍යක්ෂවරිය විසින් හදිසියේ ළමුන් ගේනවා බලපෑම් කර ඇත.එසේ නොකරන්නේ නම් 2011 වසර සදහා නියමිත ඩිප්ලෝමා සහතියකය නොදෙන බවට තර්ජනය කර ඇත.

මේ පිළිබද ඇය පොලිසියට පැමිණිලි කර බව පවසමින් ළමුන්ට පවසා ඇත්තේ පොලිසියද එසේ ඩිප්ලෝමා සහතියකය නොදෙන ලෙස පැවසුවායයි මහත් උජාරුවෙන් කියයමින් ළමුන්ට තර්ජනය කර ඈත. මෙය කප්පම් ගැනීම හා සමාන ක්‍රියාවකි. පසුගිය සතියේ දී මෙමෙ විදුහලේ පාඨමාලා වසන් වූ අතර, එම අවසන් වූ දිනයේදීම මෙසේ පරිගණක යන්ත්‍රය අතුරුදහන් වී ඇති බව සැලයි. දැනගන්නට ලැබෙන අන්දමට මෙම පරිගණක යන්ත්‍රය වසර ගණනක් පැරණි එකකි.එය විදෙස් ආධාර මත ගන්නා ලද්දකි.එය රුපියක් ලක්ෂයක් වන්නේ කෙසේදැයි සැවොම විස්මය පළකරති.

පුවත් පත් ආයතනය විසින් පාලනය කරනු ලබන ශ්‍රී ලංකා ජනමාධ්‍ය විදුහලට අතුලත් සියලු කැමරා,පරිගණක,රුපවාහිනී මැදිරි උපකරණ ඉතා ඉහල මිලකට වසරක් පාසා රක්ෂණය කර ඇත. එපමණක් නොව මෙහි සේවය කරන සේවකයන්ද මෙසේ ඉහල මිලකට රක්ෂණය කර ඇත.මෙහි පැය 24 පුරා ආරක්ෂක කැමරා ජාලයක් ඇති අතර ආරක්ෂක නිලධාරීන් කීප දෙනකුද සේවය කරති. එවැනි වාතාවරණයක් මත මෙසේ පරිඝනකයක් අතුරුදහන් වුණා කියා පැවසීම විහිළුවකි. විදුහලේ ඉගෙන ගන්න ළමුන්ට තමන්ගේ බැග් පවා පංති වලට ගෙනයාම සපුරා තහනම්ය. එවැනි පරිසරයක් තුළ ලැප්ටොප් යන්ත්‍ර අතුරුදහන් වීම පුදුම සහගතය. ආයතනයේ යන්ත්‍ර සුත්‍ර ආරක්ෂා කිරීම එම ආයතන නිලධාරීන්ගේ රාජකාරියේ කොටසකි.

තමන්ගේ අඩුපාඩු වසාගන්න අසරණ ළමුන්ගෙන් මුදල් ලබාගැනීම නින්දිත ක්‍රියාවකි. මන්ද ජනමාධ්‍ය විදුහලේ අධ්‍යක්ෂකවරිය හා පුවත්පත් ආයතන ඉහල නිලධාරීන් මේ කරන්නේ තමුන්ගේ ළමුන් පාවා දී තව එකෙකුගේ අඩුපාඩු වසාගැනීමට අනුබල දීමකි. පුවත්පත් ආයතනයේ ඉදිරි දැක්මක් තියෙන ඉහල නිලධාරියෙකු නැති ද කියා අපි අසමු.ජනමාධ්‍ය පාඨමාලාවේ අදාල වාර්ෂික මුදල ගෙවගන්නට බැරි ළමුන්ද මෙහි අධ්‍යාපනය හදාරති. එවැනි තත්වයක් යටතේ සදාචාරාත්මක මාධ්‍ය නිදහසක් කතා කරන පුවත් පත් ආයතනය මේ කරන්න යන්නේ කුමක්ද ??

Tell a Friend