ජනාධිපතිගේ උපන්දිනයදා " මව්බිම" එලි දැක්වේ

මීට පෙර සිදු කර ගත් එකඟතා මත ජනධිපතිවරයාගේ උපන්දිනයදා එනම් මේ මස 17 වැනිදා මව්බිම පුවත් පත යළි එළි දැක්වීමට නියමිතය. අදාළ පුවත් පත නිකුත් වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන ප්‍රධාන පෝස්ටර් ව්‍යාපාරය මේ මස 11, 15, 17 යන දිනයන් හීදී සිදු කිරීමට නියමිතය.

මුලික වශයෙන් ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අය ආරක්ෂා කරමින් ජනධිපති වරයා විසින් හඳුන්වාදෙන විශේෂ පිරිසක් ඉලක්ක කරමින් විවේචන සිදු කිරීම සහ හැකි තරම් හිටපු ජනධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ සේවය අගය කරමින් සජිත් ප්‍රේමදාස මහතාව ඉහල දැමීම අදාළ පුවත්පතේ මුලික අරමුණ වේ.

අදාළ පුවත්පත නිකුත් වී දිනකට පසු හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකශ කිරීම නියමිත අතර ටෙනිසන් කුරේගේ ප්‍රථම හාස්‍යජනක චිත්‍රපටය වන තෑන්ක්ස් බර්ටි තිරගත වීම ආරම්භ කිරීමටද නියමිතය. 



Tell a Friend