නිදහස් මාධ්‍යයේ අයිතීන්වලට ගරු කිරීම සහතික කරන මෙන් යුරෝපා සංගමයේ ප්‍රධානීන්ගේ කොළඹ පිහිටි කාර්යාලය ශී‍්‍ර ලංකා බලධාරීන්ගෙන් ඉල්ලයි.
ප්රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් අවහිර කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
නිදහස් මාධ්‍යයක් පැවතීම ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් යටතේ අනුකූල බවට යුරෝපා සංගමය සලකන බව ද එහි සඳහන්ව ඇත.
මාධ්‍ය විසින් ලබාදෙන තොරතුරු සියල්ලම පුරවැසියන්ට ලැබිය යුතු බවට යුරෝපා සංගමය විශ්වාස කරන බවත්, ඒ සම්බන්ධයෙන් නිගමනයන්ට එළැඹීමට ඔවුන්ට නිදහස තිබිය යුතු බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
Post a Comment