ගංවතුර හේතුවෙන් තායිලන්තයේ රෝග බිය පැතිරේ.

| කිෂානි වැලිවිටිගොඩ

තායිලන්තයේ මේ දින වල පවතින ගංවතුර ජනගහනය පවතින ප්‍රදේශ දක්වා විහිදී යාම හේතුවෙන් බැංකොක් නුවර වැසියන් රෝග පැතිර යාමේ අවදානමෙන් පසු වේ. එරටින් වාර්තා වන අන්දමට මේ වන විට බැංකොක් නුවර 20% ප්‍රමාණයක් කැලි කසල, සත්ව මළකුණු වලින් සහ කර්මාන්තශාලා අපද්‍රව්‍ය වලින් අපිරිසිදු වූ ජලයෙන් යට වී පවතී.

ලේප්ට්‍රොස්ප්යිරෝසිස් නමැති මීයන්ගේ මුත්‍රා හේතුවෙන් ආසාදනය වන බැක්ටීරියා ආසාදනය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ගංවතුර ක්‍රමයෙන් බැස විට අනෙකුත් රෝග පැතිර යාමේ අවදානමක් පවතින බව එජෙන්සි වාර්තා සඳහන් කරයි.

දිනපතා ඩයරියා රෝග තත්වය සම්බන්ධ සිදුවීම් 200 ක් වාර්තා වන බව තායි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. ආපදා තත්වයේදී ඉවත් කරන ලද 100,000 පමණ වැසියන්ට සත්කාර කරන මධ්‍යස්ථාන වලින් උණ රෝගය පැතිරී ඇති බවට තොරතුරු ලැබී ඇති අමාත්‍යංශය තවදුරටත් සඳහන් කළේය.

තායිලන්තයේ සංඛ්‍යා ලේඛන වලට අනුව මේ වනවිට ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 442 ක් මේ වන විට මියගොස් තිබේ.

Tell a Friend